kapumahaththaya

  1. Home
  2. FAQ

FAQ

කොච්චර කාලයක් යනවද කෙනෙක් හොයලා දෙන්න..?

විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව ඔබගේ තොරතුරු අප විසින් ලබා ගැනීමෙන් අනතුරුව ඔබට සුදුසු යෝජනා තිබෙන්නේ දැයි අප විසින් පරීක්ෂා කරන අතර ඔබට ලබා දිය හැකි සුදුසු යෝජනා එම අවස්ථාවේ තිබේ නම්, ඔබට යෝජනා කිරීමට යෝජිත යෝජනාව හිමි අනෙක් පාර්ශවය ඔබ පිළිබද දැනුවත් කර දෙපාර්ශවයේ එකගතාව මත තොරතුරු ලබා දී එම අවස්ථාවේදීම ඔබ දෙපල හදුන්වා දීම අපගේ අධීක්ෂණය මත සිදු කරනු ලැබේ. 

ඔබට සුදුසු යෝජනා එම අවස්ථාවේ නොමැති නම් අපගේ මෙහෙයුම් පද්දතිය තුලින් සුදුසු පාර්ශවයක් හමුවන තුරු මංගල යෝජනා සෙවීම සිදු කරන අතර මෙම ක්‍රියාවලිය ඔබ විවාහ ගිවිසගන්නා අවස්ථාව දක්වා අඛණ්ඩව සිදු කරනු ලැබේ. එතෙක් ඔබගේ ලියාපදිංචිය වලංගු වන අතර නැවත ලියාපදිංචි ගාස්තු අය කිරීමක් හෝ කල් ඉකුත් වීමක් සිදු නොවේ. ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක අපගේ මංගල යෝජනා පරීක්ෂා කල බලා සුදුසු මංගල යෝජනා තිබෙන්නේ නම් අපගෙන් විමසා බැලිය හැක.

ලියාපදිංචි උනාට පස්සෙ දවස් කීයකින්ද ගෙදරට එන්නෙ..?

විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපුමහත්තයා ආයතනය තෘප්තිමත් වන ආකාරයට ඔබගේ තොරතුරු වල නිරවද්‍යතාව ලබා දී ඇති බවට තහවුරු වන්නේ නම් ඔබ වෙනුවෙන් මංගල යෝජනා සෙවීමේ කටයුතු ආරම්භ කරන අතර ඔබ පදිංචි ප්‍රදේශයට ආසන්නතම අපගේ නියෝජිතයකු යොමු කල හැකි ප්‍රථම අවස්ථාවේදීම ඔබගේ නිවසට පැමිණෙනු ඇත.

මොන යම් හෝ අවස්ථාවක ඔබගේ පදිංචි ප්‍රදේශයට ආසන්නතම නියෝජිතයකු යොමු කල නොහැකි අවස්ථාවක ආසන්නතම දිස්ත්‍රික්කයෙන් හෝ ලැබී ඇති මංගල යෝජනා ප්‍රමාණය මත තොරතුරු පරික්ෂාවට නියෝජිතයකු යොමු කරනු ඇත.

කපු මහත්තයා ගෙදරට ආවමත් සල්ලි දෙන්න ඕනද? 

විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමෙහි 11 වගන්තියෙහි ඔබගේ තොරතුරු සොයා බැලීමට හෝ මංගල යෝජනා භාර දීමට පැමිණෙන කපු මහතා වෙත ලබා දිය යුතු අවම ගාස්තුව සදහන් කර ඇත. තොරතුරු සහ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය අවස්ථාවක නියෝජිතයකු පැමිණෙන්නේ එක් අවස්ථාවක් පමණි.

අපගේ සේවාව තුල ඔබගේ ලියාපදිංචි ගාස්තුව අවම ගාස්තුවක් වන අතර එය ඔබට විශ්වසනීය සහකරුවෙකු/ සහකාරියක සොයා ගැනීම සදහා වන මෙහෙයුම් ක්‍රියාවලිය වෙනුවෙන් ඔබ සිදු කරන ආයෝජනයකි. නමුත් ඔබ පෞද්ගලිකව කපුමහතෙකුගේ සේවය ලබා ගන්නේ නම් ඔහු පැණෙන සෑම අවස්ථාවකම ගමන් ගාස්තු ලබා දීම මෙන්ම ආහාරපාන සංග්‍රහ සිදු කල යුතුය. එවැනි කපුමහතුන් කිහිප දෙනෙකුගේ සහය ලබා ගන්නේ නම් ඒ සෑම අයකුම නිවසට පැමිණෙන සෑම අවස්ථාවකම මෙම පිරිවැය ඔබ දැරිය යුතුය. නමුත් ඔබට අපගේ සේවාව තුලින් එවැනි අපහසුතාවන්ට ලක් නොවන බවට සහතිකයක් ලබා දෙන්නෙමු.

අනේ කොහොම හරි මට එයාව කැමති කරවලා දෙන්න. පොරොන්දු උන ගාන වගේ දෙගුණයක් දෙන්නම්.

විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමෙහි 07 වන වගන්තියෙහි මේ පිළිබදව ඔබ දැනුවත් කර ඇත. ඔබට ලබා දුන් මංගල යෝජනාවක් සදහා ඔබ දැඩි කැමැත්තක් දක්වනවා විය හැක. නමුත් එම පාර්ශවය ඔබගේ මංගල යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබ වෙනුවෙන් කැමැත්ත ලබා දෙන ලෙස එම පාර්ශවයෙන් ඉල්ලීම් කිරීම එම පාර්ශවයේ පුද්ගල නිදහසට සිදු කරන බලපෑමකි. එබැවින් එවැනි ඉල්ලීම් කිරීම සිදු කිරීමට ඔබට හිමිකමක් නොමැත.

හොයලා දුන්නට පස්සෙ සල්ලි දෙන්නම්, එතකල් මංගල යෝජනා දෙන්න.

ඔබ මෙන්ම 95% ක පිරිසක් මෙම ඉල්ලීම සිදු කිරීම අප විසින් නිරීක්ෂණය කර ඇත. නමුත් අප මංගල යෝජනා භාර ගනු ලබන්නේ වගකිමක් සහිතවය. සේවා ගිවිසුමට යටත්ව අප මංගල යෝජනාව පිළිබද පෞද්ගලිකව සොයා බලන අතර අවශ්‍ය අවස්ථාවක නියෝජිතයන් හරහා නිවසටම ගොස් තොරතුරු පරීක්ෂා කිරීමද සිදු කරනු ලබයි.  එලෙස සේවා ගිවිසුමකට යටත්ව වගකීමක් සහිතව විශ්වාසයෙන් ලබා ගත් මංගල යෝජනාවක ඡායාරූප, දුරකතන අංක ඔබ කතා කර ඉල්ලූ පමණින් ලබා දීමට අප හට හැකියාවක් නොමැත. ඔබ අවබෝධ කර ගත යුතු වැදගත්ම කරුණ වන්නේ ඔබ දැක ඇති සාම්ප්‍රදායික ගතානුගතික කපුමහත්තයා යන චරිතයට එහා ගිය සංකීර්ණ මෙන්ම වගකීමක් සහිත ක්‍රියාවලියක් අප විසින්  අප විසින් සිදු කරන බවය. වගකීමක් සහිතව මංගල යෝජනාවට අදාල සේවා ලබා ගැනීම වෙනුවෙන් අපගේ ලියාපදිංචිය ලබා ගත යුතු බව කාරුණිකව දන්වා සිටිමු.

ගෙදර ආවම සල්ලි දෙන්නම් කවුද දන්නෙ බොරු කරනවද කියලා..?

අප සමාජ සමීක්ෂණය සිදු කිරීමේදී විවාහ අපේක්ෂිතයන්ගේ ඉල්ලීම මත ලියාපදිංචි ගාස්තු අය කිරීමකින් තොරව නියෝජිත කපු මහතුන් නිවස වෙත යොමු කරන ලදි. එහිදී බොහෝ අවස්ථා වල අපගේ නියෝජිතයන් විවිධ අපහසුතාවන්ට ලක් විය. ඇතැම් විවාහ අපේක්ෂිතයන් අපගේ නියෝජිත කපු මහතුන් නිවසට පැමිණි පසු නිසි පිලිගැනීමක්, වටිනාකමක් ලබා නොදීම නිරීක්ෂණය වූ අතර සේවාව පිළිබද අවබෝධයක් නොමැති විම සහ ලියාපදිංචි ගාස්තු අය නොකර සේවා ක්‍රියාත්මක කිරීම ඊට හේතු වූ බව අපගේ නිරීක්ෂණ තුලින් නිගමනය විය. ඔබ වගකීමක් සහිත විශ්වසනීය සේවාවක් අපේක්ෂා කරන්නේ නම් අපගේ සේවාව තුල ලියාපදිංචි වීම ත්‍යාවශ්‍ය බව කාරුණිකව දන්වා සිටිමු.

මට තවම මංගල යෝජනාවක් ලැබුනෙ නෑ ඇයි ඒ..?

විවාහය සදහා සහකරුවෙකු/සහකාරියක අපේක්ෂා කරන ඔබගේ මානසික තත්වය අපි ඉතාමත් හොදින් හදුනන්නෙමු. ඇතැම් විට ඔබට නින්ද නොයන රාත්‍රියක් විය හැක. තවත් විටක ඔබ පාන්දර නින්දෙන් අවදිවී මනෝ ලොවක අතරමංව කර කියා ගත නොහැකි තැනක අතරමං වනු ඇත. එය ඔබගේ විවාහ අපේක්ෂිතයන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. ඔබගේ විවාහය සදහා ඔබ පතනා සහකරුවෙකු/ සහකාරියක සිටිය හැක. නමුත් ඔබගේ අධ්‍යාපන මට්ටම, රැකියාව, පවුල් පසුබිම, ඔබගේ පෙනුම, සමාජ පසුබිම සමග ඔබ බලාපොරොත්තු වන ආකාරයේ සහකරුවෙකු/ සහකාරියක අප හට සොයා ගත හැකි විය යුතු අතර සොයා ගන්නා අය ඔබට කැමති විය යුතුය. එබැවින් ඔබ අපගේ මංගල යෝජනා අයදුම්පත්‍රය සදහා ලබා දෙන ඔබගේ තොරතුරු සහ ඔබ බලාපොරොත්තු වන සහකරු/ සහකාරිය පිළිබද තොරතුරු යථාර්ථවාදීව බුද්ධිමත්ව ලබා දීම ඔබගේ විවාහය සිහිනය සාර්ථකව ඉටු කර ගැනීමට පහසු වනු ඇත.

අපි කොහොමද විශ්වාස කරන්නෙ මේ හොයලා දෙන අය ඇත්ත කියනවද බොරු කියනවද කියලා..?

අප සමග ලියාපදිංචි වන විවාහ අපේක්ෂිත පාර්ශවයන්ගේ තොරතුරු විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව වගකීමක් සහිතව සොයා බැලීම අප විසින් සිදු කරනු ලැබේ. එලෙස වගකීමක් සහිතව ලබා ගත් මංගල යෝජනා පමණක් ඔබට ලබා දෙන අතර තව දුරටත් එම මංගල යෝජනාව හිමි පාර්ශවය සමග අදහස් වල ගැලපීම ඇතුලු ඔබට අවශ්‍ය පරිදි තොරතුරු සොයා බලා තහවුරු කර ගැනීමට විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමේ 07 වන වගන්තියට යටත්ව උපරිම මාස 03 ක කාලයක් අප විසින් ලබා දෙන අතර එම කාල සීමාව ප්‍රමානවත් නොවන්නේ නම් විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමේ 08 වන වගන්තියට යටත්ව කටයුතු කිරීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

කපු ගාස්තුව මනමාලිගෙ දෑවැද්දෙන් ගන්න පුලුවන් නේද? ඉතිං ඇයි මම සල්ලි ගෙවන්නෙ..?

ඔබ විවාහය සදහා සහකාරියක් සොයා ගැනීමට අපගේ සහය අපේක්ෂා කරන්නේ නම් අපගේ සේවා උපදෙස් සහ සේවා ගිවිසුම සමග එකග විය යුතුය. විවිධ පුද්ගලයන් සහ ආයතන සේවා සපයන ආකාරය ඒවාට ආවේනික ක්‍රමවේදයකට සිදු කරන අතර  අප පෞද්ගලිකව ඔබගේ මංගල යෝජනාව පිළිබද කටයුතු කිරිමට විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන බැවින් ඒ සදහා ඔබ අනුගත විය යුතුය.