කපු මහත්වරුන්ගේ සේවය.
විශ්වාසවන්ත ලෙස සහකරුවකු/ සහකාරියක සොයා ගැනීමට කපු මහතෙකුගේ සහය අපේක්ෂා කරන විවාහ අපේක්ෂිත පාර්ශවයන් වෙත ගොස් ඔවුන්ගේ සැබෑ තත්වය අවබෝධ කර ගනිමින් ඔවුන් බලා පොරොත්තු වන සහකරු / සහකාරිය සොයා ගැනීමට වෘත්තීය කපු මහත්වරුන්ගේ සහය අපගේ සේවාව තුල ක්‍රියාත්මක කිරීම සිදුවේ. ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුමක් යටතේ සේවය කරන වෘත්තීය කපු මහත්වරු ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය කර ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර ඇත. ඒ අනූව අප ආයතනය වෙත භාර ගන්නා මංගල යෝජනා හිමි පාර්ශවයන්ගේ තොරතුරු තහවුරු කර ගැනීමට එක් අවස්වාථාවක් පමණක් කපු මහතෙකු යොමු කර තොරතුරු සොයා බැලීම සිදු කරනු ලැබේ.
අප ආයතනය හරහා හදුනා ගන්නා විවාහ අපේක්ෂිත පාර්ශවයන් වෙත විවාහ ගිවිස ගන්නා තුරුම අපගේ සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර යම් දෙපාර්ශවයක් හදුන්වා දී විවාහ ගිවිස ගැනීමෙන් පසු කපු මහත්වරුන්ගේ සේවාව අවසන් කරනු ලැබේ. කපු මහත්වරු හරහා මංගල යෝජනා සෙවීමේදී ශ්‍රි ලංකාවේ අන්තර්ජාලය ඇතුලු තාක්ෂණික දැනුම හා පහසුකම් බෙදීයාමේ විෂමතාව, දරිද්‍රතාව නිසා විවාහ අපේක්ෂිත පාර්ශවයන් සීමා වීමකින් තොරව සම්බන්ධ කර ගත හැකි වීම අපගේ සේවාව තුල ඇති සුවිශේෂී ගුණයයි.
පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම.
මංගල යෝජනා අයදුම්පත්‍රය හරහා ලබා ගන්නා ඔබගේ පෞද්ගලික තොරතුරු මංගල යෝජනාවක් සොයා බැලීමට අත්‍යාවශ්‍ය හා ඉතා වැදගත් තොරතුරු වන බැවින් එම තොරතුරු ආයතනික අවශ්‍යතාව සදහා පමණක් ලබා ගන්නා අතර කිසිදු අවස්ථාවක ආයතනික ක්‍රියාවලියෙන් බැහැර තෙවන පාර්ශවක් වෙත හෝ ඔබ අපහසුතාවට ලක්වන ආකාරයේ සිදුවීමක් ඇති නොවන බවට අප සහතික වන්නෙමු. ඔබගේ තොරතුරු ලබා ගැනීමෙන් පසු අප විසින් නිර්මාණය කරනු ලබන මංගල යෝජනාව ඔබගේ අනුමැතියට යටත්ව kapumahaththa.com වෙබ් අඩවිය, Facebook ඇතුලු සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල පුළුල් ප්රචාරණයකට ලක් කරන අතර මංගල යෝජනාව නිර්මාණයේදී ඔබගේ නම, දුරකතන අංකය, ඡායාරූප ඇතුලත් නොකිරීමට අප වග බලා ගන්නෙමු. එමගින් සමාජ මාධ්‍ය තුල මංගල යෝජනාව ප්‍රචාරණයේදී විවිධ මානසික විකෘතිතා ඇති පුද්ගලයන් විසින් සිදු කරනු ලබන පුද්ගල ප්රතිරූපයන් හට හානි කිරීම, ගැරහුම් වලට ලක් විම හා විවිධ අපහසුතාවන්ට ලක්වීම වැනි සිදුවීම් වල පූර්ණ ආරක්ෂාව හා මැදිහත්වීම අප විසින් සිදු කරන්නෙමු. එම ප්‍රචාරණය තුලින් සොයා ගනු ලබන විවාහ අපේක්ෂිතයන්ද ආයතනික මෙහෙයුම් ක්‍රියාවලිය යටතට පැමිණි පසු වෘත්තීය කපු මහත්වරු හරහා තොරතුරු සොයා බලන්නෙමු. වෘත්තීය කපු මහත්වරුන්ගේ ජාලය තුලට මංගල යෝජනාව ඇතුලත් කිරීමේදී අවශ්‍ය අවස්ථා වල ඡායාරූපය, නම, දුරකතන අංකය ලබා දී විවාහයට සුදුසු පාර්ශවයක් සෙවීම ඇතුලු මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ කරන්නෙමු.
විවාහ ගිවිස ගන්නා තුරු අඛණ්ඩ සේවය.
අපගේ මෙහෙයුම් පද්දතිය හරහා හදුන්වා දෙන විවාහ අපේක්ෂිත පාර්ශවය සමග අදහස්, පවුල් පසුබිම හා අනෙකුත් තොරතුරු ගැලපේදැයි අවබෝධ කර ගැනීමට හදුන්වා දෙන සහකරු/සහකාරිය සමග උපරිම මාස 03 ක කාලයක් අදහස් හුවමාරු කර ගැනීමට පමණක් අවස්ථාව ලබා දෙනු ලැබේ. එම කාල සිමාව තුල අනවශ්‍ය ගැටුම්/සමීප සබදතා /මුදල් ගනුදෙනු වැනි කටයුතු සිදු කිරීම ඔබ විසින් සිදු නොකල යුතුය. එවැනි අවස්ථාවකට ඔබ සම්බන්ධ වන්නේ නම් එහි වගකීමක් හෝ ඒවායෙහි අතුරු ප්‍රතිඵල සදහා ආයතනික මැදිහත්වීමක් හෝ කිසිදු බැදීමක් නොමැති බව ඔබ අවබෝධ කර ගත යුතුය.
ඔබ වෙත විවාහයට සුදුසු පාර්ශවය හදුන්වා දී අදහස් හුවමාරු කර ගැනීමට උපරිම මාස 03 ක කාලයක් ලබා දී එම කාල සීමාව තුල දෙපාර්ශවය විවාහ වීමට තීරණය කලත් විවාහ ගිවිස ගැනීමට එම කාල සීමාව ප්‍රමාණවත් නොවන්නේ නම් හෝ මාස තුනක කාලය දෙපාර්ශවය හදුනා ගැනීමට ප්‍රමාණවත් නොවන්නේ නම් ආයතනික මැදිහත්වීම මත ඉදිරි කටයුතු තීරණය කල හැක.
කපු මහත්තයා ආයතනයේ නියෝජිතයන් (ලියාපදිංචි කපු මහතෙකු/ නියෝජිත ආයතනයක්) පිළිබද හෝ සේවා ලබා ගැනීමට අදාල පැමිණිල්ලක් වේ නම්, වෙබ් අඩවියේ ඇති පැමිණිලි පෝරමය හරහා හෝ අපගේ ප්‍රධාන කාර්යාලය වෙත ලිපියක් මගින් ලියාපදිංචි තැපෑලෙන් සහ/හෝ කපු මහත්තයා ආයතනික දුරකතන අංකය වන 0713179021 වෙත WhatsApp හරහා හෝ එම අවස්ථාවේ ලබා දෙන උපදෙස් මත යොමු කල යුතුය. සේවා ගුණාත්මක භාවය රැක ගැනීම වෙනුවෙන් අදාල පැමිණිල්ල පිළිබද තොරතුරු සනාථ කිරීම ඔබගේ යුතුකමක් හා වගකීමක් වනු ඇත.
විධිමත් මංගල යෝජනා භාර ගැනීම.
අපගේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචිය ලබා ගැනීමේදී මංගල යෝජනා අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ලබා දීමේදී විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව සේවාව ලබා ගැනීමට එකග විය යුතුය. සේවා ගිවිසුම හරහා සේවා ලබා ගැනීම තුලින් වඩාත් විශ්වසනීය සේවාවක් සැපයීම අපගේ අරමුණ වන අතර, මංගල යෝජනාව මෙහෙයුම් පද්දතිය වෙත ඇතුලත් කිරිමට පෙර අපගේ පාරිභෝගික සේවාව හරහා කලින් වෙන් කරගත් පහසු වේලාවක ඔබව වීඩියෝ දුරකතන සංවාදයක් හරහා සම්බන්ධ කර ගනු ලැබේ.
විවාහය සදහා සුදුසු සහකරුවෙකු/සහකාරියක සොයා ගැනීම අතිශය සංවේදී මානුෂීය හැගිම් සමග කරන ගනුදෙනුවක් වන බැවින් ඔබ අපේක්ෂා කරන සහකරුගේ/සහකාරියගේ තොරතුරු ලබා ගැනීම තොරතුරු සාකච්ඡා කරමින් ඉතා සියුම්ව අප විසින් සිදු කරන්නෙමු.
කපු මහත්වරු හරහා මංගල යෝජනා සොයන බැවින් ඔබගේ සත්‍ය හා නිවැරදි තොරතුරු ලබා දීම ඔබගේ සහකරු/සහකාරිය වඩාත් නිවැරදිව සොයා ගැනීමට ඉතා වැදගත් වන බව අවබෝධ කර ගත යුතුය.
විධිමත් මංගල යෝජනා භාර දීම.
ඔබගේ මංගල යෝජනාව අපගේ මෙහෙයුම් පද්දතිය වෙත භාර දීමෙන් පසු ඔබට ගැලපෙන සහකරු/සහකාරිය මෙහෙයුම් පද්දතිය තුලින් හදුනා ගැනීමෙන් පසු අප විසින් ඔබව සම්බන්ධ කරගන්නා අතර මංගල යෝජනාව පිළිබද තොරතුරු සාකච්ඡා කිරිම ආයතනික දුරකතන අංකය වන 0713179021 වෙතින් WhatsApp හරහා හෝ නියෝජිත කපු මහතෙකු හරහා සිදු කරනු ඇත. කිසිදු අවස්ථාවක විවාහ අපේක්ෂිතයන්ගේ දුරකතන අංක ලැයිස්තු ලබා දීමක් සිදු නොවන අතර එවැනි අවස්ථා නිසා ඔබ අපහසුතාවට ලක් නොවීමට අප වග බලා ගන්නෙමු.
kapumahaththa.com වෙබ් අඩවිය, Facebook ඇතුලු සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල ප්‍රචාරය වන මංගල යෝජනා අතුරින් ඔබට සුදුසු මංගල යෝජනා තිබේ දැයි විමසා බැලිය හැක. ඔබට සුදුසු යැයි හැගෙන මංගල යෝජනාවක් තිබේ නම් ආයතනික දුරකතන අංකය වන 0713179021 වෙත WhatsApp හරහා අදාල මංගල යෝජනාවේ යෝජනා අංකය යොමු කර ආයතනය දැනුවත් කිරීමෙන් අනතුරුව එම මංගල යෝජනාව ඔබට සම්බන්ධ කිරීමේ හැකියාවක් පවතින්නේ නම් එම මංගල යෝජනාවට අදාල පාර්ශවය සහ/ හෝ එම මංගල යෝජනාව භාර නියෝජිත කපු මහතා ඉදිරි කටයුතු සදහා සම්බන්ධ කරනු ඇත.
විවාහ අපේක්ෂිත මනාලියන්ගේ ආරක්ෂාව පිළිබද වැඩි සැලකිල්ලක් දක්වන බැවින් අප විසින් කිසිදු මංගල යෝජනාවකට කැමැත්ත ලබා දීමට අනුබල දීමක් හෝ බලපෑම් කිරිමක් සිදු නොකරන අතර එවැනි බලපෑමක් සිදු කරන ලෙස ඉල්ලීමකට ඔබට හිමිකමක් නොමැති බව අවබෝධ කර ගත යුතුය.
සේවා ගාස්තු ඔබ විසින් තීරණය කිරීම.
මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද අපගේ සේවාව ලබා ගැනීමේදී ඕනෑම සමාජ, ආර්ථික මට්ටමක සිටින විවාහ අපේක්ෂිතයන් හට පහසුවෙන් සේවාව ලබා ගත හැකි පරිදි ලියාපදිංචි ගාස්තුව දක්වා ඇත. නමුත් කිසිදු අවස්ථාවක සේවා ගුණාත්මක භාවය පිළිබද පුරෝකතනයක් අවම ලියාපදිංචි ගාස්තුව මත තීරණය නොකල යුතු බව දන්වා සිටිමු.
අපගේ සේවාව තුල එක් වරක් පමණක් ලියාපදිංචි ගාස්තු අය කරන අතර ඔබගේ ලියාපදිංචිය විවාහයට සුදුසු සහකරුවෙක්/සහකාරියක සොයා දීමෙන් පසු විවාහ ගිවිස ගන්නා තුරු ලියාපදිංචි ගාස්තුව වලංගු වේ. ඔබගේ ලියාපදිංචිය නැවත අලුත් කිරිමක් හෝ කල් ඉකුත්වීමක් නොමැත.
ලියාපදිංචි ගාස්තු ගෙවීමෙන් පසු මුදල් භාර ගත් බවට වන ආයතනික මුදල් භාර ගැනීමේ ලදුපත ඔබගේ ස්ථිර පදිංචි ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන අතර (විදේශගත ශ්‍රි ලාංකික පුරවැසියන්ද ඇතුළුව) එම ලදු පත විවාහ ගිවිසගන්නා තුරු සුරැකිව තබා ගැනීම ඔබගේ වගකීමකි.
ඔබගේ මංගල යෝජනාව භාර දුන් අවස්ථාවේ සිට අදාල මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ වන බැවින් නියෝජිත කපු මහතෙකු ඔබගේ තොරතුරු සොයා බැලීමට හා/හෝ මංගල යෝජනාවක් භාර දීමට නිවසට පැමිණි අවස්ථාවක කපු මහතා හොදින් පිලිගැනීම, ඔහුගේ ගමන් වියදම ලබා දීම යුතුකමක් හා වගකීමක් වේ. (ගමන් වියදම අවමය රුපියල් දහස (1000) කි. තොරතුරු තහවුරු කර ගැනීමට පැමිණෙන්නේ එක් අවස්ථාවක් පමණි.)
අපගේ මෙහෙයුම් පද්දතිය හරහා සාර්ථක විවාහ ගිවිස ගැනීමකින් අනතුරුව කපු මහත්වරුන් වෙත ගෙවිය යුතු සේවා ගාස්තුව (කපු ගාස්තුව) ඔබට දැරිය හැකි පහසු මුදලක් වන අතර අදාල ගාස්තුව ඔබ විසින් තීරණය කිරිමට අප අවස්ථාව ලබා දෙන්නෙමු. අදාල සේවා ගාස්තුව කපු මහතා නිවසට පැමිණි අවස්ථාවේ හෝ වීඩියෝ දුරකතන සංවාදය හරහා තොරතුරු සාකච්ඡා කිරීමේදී එකගතාවයට පැමිණිය හැක.
ලෝක ව්‍යාප්ත සේවාව
ග්‍රාමීය ප්‍රදේශයන් හී ජීවත් වන පුද්ගලයාගේ සිට වෛද්‍ය, ඉංජිනේරු, විධායක ශ්‍රේණියේ හා වෙළද ව්‍යාපාරික වැනි ඉහල සමාජ පිළිගැනීමක් සහිත මෙන්ම විදේශගත විවාහ අපේක්ෂිත ශ්‍රී ලාංකික පුරවැසියන් අපගේ ඉලක්කගත ප්‍රදේශය හා සේවා ලාභී කණ්ඩායමයි.
මංගල උත්සවය සැලසුම් කිරිම.
විශ්වාසවන්ත ලෙස සහකරුවකු/ සහකාරියක සොයා ගැනීමට කපු මහත්වරු හරහා යෝජනා සොයමින් සුදුසු පාර්ශවයන් හදුන්වා දී විවාහ ගිවිස ගැනීමකින් අනතුරුව විවාහ අපේක්ෂිත යුවල වෙත සාර්ථක විවාහ උත්සවයකට අවශ්‍ය සියලු පහසුකම් විශේෂ වට්ටමක් සහිතව සපයා දීමට අප විසින් කටයුතු කරනු ලැබේ.
මෙම පහසුකම සක්‍රීය කර ගැනීමට කපු මහත්තයා ආයතනය වෙත ලිියාපදිංචි ගාස්තු ගෙවීමෙන් පසු ආයතනය විසින් ඔබගේ ස්ථිර පදිංචි ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල මුදල් භාර ගත් බවට වන ආයතනික මුදල් භාර ගැනීමේ ලදුපත ඉදිරිපත් කල යුතුය.
පවුල් උපදේශන සේවාව
පවුල් සංස්ථා දෙකක දිගු කාලයක් හැදී වැඩුන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයක් තනි ඒකකයක් ලෙස නව යුග දිවියක් ආරම්භ කිරිමේදී අදහස් නොගැලපීම මත, සුළු සුළු මත ගැටුම් නිර්මාණය වීම සාමාන්‍ය තත්වයකි. නමුත් එය දික්කසාදය දක්වා නොයායුතු තත්වයක් විය යුතුය.
මෙරට විවාහ වන තරුණ තරුණියන් මෙන්ම විවාහ දිවිය ගත කරන දරුවන් සිටින දෙමාපියන්ද දික්කසාද වීමේ ප්රවනතාවක් ඇත. මේ සදහා මූලික හේතු සාධකය වී ඇත්තේ පවුල් උපදේශනයට සුදුසුකම් නොමැති පුද්ගලයන්ගේ උපදෙස් ක්‍රියාත්මක කිරීම වන අතර එහිදී දෙමාපියන්ගේ වැරදී උපදේශ දරුවන් විසින් ක්‍රියාත්මක කර පවුල් ජීවිතය දික්කසාදයෙන් අවසන් කිරීමත් ඉන් පසු ජීවිතය වරදා ගැනීමත් කණගාටු දායක තත්වයකි. මෙම ප්රවනතාව සදහා සාර්ථක පිළිතුරක් ලෙස පවුල් උපදේශන සේවාව අප ආයතනය හරහා විවාහ අපේක්ෂිත මෙන්ම විවාහ වූ පාර්ශවයන් වෙතද ලබා දීමට කටයුතු කරන්නෙමු.