kapumahaththaya

  1. Home
  2. Our story

Our story

අපේ ආරම්භය

කපු මහත්තයා ආයතනය ආරම්භ කිරීම 2012 වසරේ සිට සිදු කල සමාජ සමීෂණයක ප්‍රතිඵලයකි. මෙරට අවිවාහක, දික්කසාද, වැන්දඹු, විවාහයෙන් වෙන්වූ (නීත්‍යානුකූලව දික්කසාද නොවූ) පිරිස අති විශාලය.  ලොව  කුමන ප්‍රදේශයක, කුමන වෘත්තියක නියලුනද, සමාජ මට්ටම කුමක් වුවද ඒ ඕනෑම අයකුට විවාහය යන්න ජීවිතයේ වැදගත් සංධිස්ථානයකි.
විවාහ අපේක්ෂාව තිබුණද සමාජ, ආර්ථික හා විවිධ හේතු මත තමාගේ විවාහ අපේක්ෂාව ප්‍රකාශ කර ගැනීමට නොහැකි පිරිස් අප සමාජය තුල ඕනෑ තරම්  දැකිය හැක. දෛනික ආදායමින් ජීවත් වන, පුද්ගලයාගේ සිට ඉහල සමාජ පිළිගැනීමක් ඇති වැදගත් පවුල් පසුබිමක් සහිත පුද්ගලයන් මෙන්ම විදේශගත විවාහ අපේක්ෂිත ශ්‍රී ලාංකික පුරවැසියන් මේ තුල දැකිය හැක. ඔවුනට ජීවන සහකරුවකු/සහකාරියක සොයා ගැනීමට සදහා මංගල යෝජනාව භාර දීමට විශ්වසනීය නියෝජිතයෙකු සොයා ගැනීමට අවශ්‍යතාව තිබුනද එය විශ්වසනීයව සිදු කර ගත නොහැකි තත්වයක් ඇති බව අප කල සමීක්ෂණයේ දී නිරික්ෂණය විය.
අප රට තුල බොහෝ අවස්ථා වල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේම සබදතා මෙන්ම විවිධ සබදතා ඇති කර ගැනීමෙන් ජීවිත හානි ඇති වූ සිද්ධි බොහෝමයක් වාර්ථා වී ඇත.  විවිධ අවස්ථා වල බොරු පොරොන්දු මත විවාහ වන බව පවසා මුදල් දේපල මංකොල්ල කෑම වැනි සමාජ ගැටළු රාශියක් ඒ හරහා සිදුව ඇත. තාක්ෂණය කෙතරම් දියුණු වුවද ජීවිතයේ එක් අවස්ථාවක් පමණක් සිදු විය යුතු විවාහය යන්න නිවැරදි තොරතුරු සොයා බැලීමට අදාල පුද්ගලයාගේ භාහිර වටපිටාව, පවුලේ තොරතුරු නිවසටම ගොස් සොයා බැලීම අත්‍යාවශ්‍ය කරුණකි.
කපු මහත්තයා ආයතනය අතීතයේ කපු මහත්වරුන් විසින් විවාහයකදී සිදු කල නියෝජිත අතරමැදි කරණයේ නව්‍යකරණයකි. POL/LKP/ESD/02/05/1599 අංකය යටතේ  ලියාපදිංචි කරන ලද කපු මහත්තයා ආයතනය ලංකාවේ අනෙකුත් මංගල සේවා සපයන ආයතන හා පුද්ගල කණ්ඩායම් වල නොමැති වගකීමක් සහිත මංගල යෝජනා භාර ගැනීම, විවාහ ගිවිස ගැනීමෙන් සපු සාර්ථක මංගල උත්සවයකට අවශ්‍ය භාණ්ඩ හා සේවා විශේෂ වට්ටමක් සහිතව සැපයීම, විවාහයෙන් පසු යුගදිවිය තුල ඇතිවන ගැටලු සදහා පවුල් උපදේශන සේවා ලබා දීමට මැදිහත් වීම වැනි විශේෂතා රැසකින් සමන්විත වන අතර ඒ හරහා විශ්වසනීය මංගල සේවා ආයතනයක් ලෙස ඔබ හමුවේ පෙනීසිටින්නෙමු.

ශ්‍රි ලංකාවේ මංගල සේවා සපයන පුද්ගලයන්, ආයතන හා එහි විකාශනය

ශ්‍රි ලංකාව තුල මංගල සේවා සපයන ප්‍රධාන මූලාශ්‍ර 04 ක් හරහා සේවා ලබා ගන්නා විවාහ අපේක්ෂිතයන් 10000 ක පිරිසක් අප විසින් අධ්‍යනය කල අතර ඔවුන් එම සේවා ලබා ගැනීමේදී ලද පෞද්ගලික අද්දැකීම් මත එම මූලාශ්‍රයන් හී ඇති දුර්වලතා පිළිබද තොරතුරු දුරකතන මාර්ගයෙන් හා සම්මුඛ සාකච්ඡා මගින් ලබා ගන්නා ලදි.

තනි පුද්ගල මංගල සේවා නියෝජිතයින් (කපු මහත්වරු)

ලංකාව පුරා ගම්දනව් තුල සේවා ලබා දෙන කපු මහත්වරු තම සේවාව ගම්මාන තුල හෝ යම් ප්‍රදේශයකට සීමාවී තනි තනිවම සිදු කරනු ලබයි. ඔවුන් කණ්ඩායමක් ලෙස සේවය සැපයීමට රුචිකත්වයක් නොදක්වන අතර මංගල යෝජනා භාර ගැනීමටත් තොරතුරු සොයා බැලීමටත් යෝජනාව හිමි පාර්ශවයේ නිවසට යන අතර තොරතුරු සොයා බැලීමකින් අනතුරුව සුදුසු පාර්ශවයන් හදුන්වා දී මංගල කටයුතු අවසන් කෙරේ. විවාහය සිදු වන තුරු සේවා ලබා දීමක් සිදු කරන අතර යම් දෙපාර්ශවයක් හදුන්වා දී විවාහ ගිවිස ගැනීමකින් සේවාව අවසන් කරනු ලැබේ. මෙහිදී සේවා ගාස්තුවක් අය කරන අතර බොහෝ දුරට පුද්ගල ආදායම මත සේවා ගාස්තු අය කිරිම සිදුවේ.

මංගල සේවා සපයන ආයතන හා පුද්ගල කණ්ඩායම්

ලංකාවේ ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව විවිධ නම් යටතේ රජයේ ලියාපදිංචි ආයතන ලෙස ශාඛා කාර්යාල පිහිටුවා ගනිමින් විවාහ අපේක්ෂිතයන් සදහා නියෝජිත සේවාව ලබා දෙයි. ඔවුන්ගේ ක්‍රමවේදයකට මංගල සේවා සපයන අතර ලියාපදිංචි ගාස්තු අය කිරීමකින් පසු සේවා ක්‍රියාවලිය ආරම්ළ වේ. ඇතැම් ආයතන මංගල යෝජනා භාර ගැනීමටත්, තොරතුරු සොයා බැලීමටත් යෝජනාව හිමි පාර්ශවයේ නිවාස වෙත යන අතර තොරතුරු සොයා බැලීමකින් අනතුරුව සුදුසු පාර්ශවයන් හදුන්වා දී මංගල කටයුතු අවසන් කෙරේ. විවාහයක් සිදු වන තුරු සේවා ලබා දීමක් සිදු කරන අතර යම් දෙපාර්ශවයක් හදුන්වා දී විවාහ ගිවිස ගැනීමකින් සේවාව අවසන් කරනු ලැබේ. මෙහිදී සේවා ගාස්තුවක් අය කරන අතර බොහෝ දුරට පුද්ගල ආදායම මත සේවා ගාස්තු අය කිරීම සිදුවේ.

මෙම සේවාවන් ක්‍රියාත්මක කිරීමේදී ඇති ප්‍රධාන ගැටලු සහ දුර්වලතා

අන්තර්ජාල වෙබ් අඩවි හරහා මංගල සේවා සපයන ආයතන

මෙම වෙබ් අඩවි විවාහ අපේක්ෂිත පාර්ශවයන් වෙත අන්තර්ජාලය තුල මංගල යෝජනා දැන්වීම් පල කිරීමේ අවස්ථාව පමණක් ලබා දීම සිදු කරනු ලැබේ. මෙය හුදෙක් තාක්ෂණික සේවාවක් පමණක් වන බැවින් විවාහ අපේක්ෂිත පාර්ශවයකට තමාට අවශ්‍ය පරිදි පුද්ගලික ගිණුමක් මෙම වෙබ් අඩවි තුල නිර්මාණය කර ගත හැකි අතර ලියාපදිංචිය ලබා ගන්නා පුද්ගලයන් වෙත දුරකතන අංක ලබා දිමක් සිදු කරනු ලබයි. ඇතැම් වෙබ් අඩවි මෙම සේවාව නොමිලේ ලබා දිම සිදු කරන අතර තවත් මංගල සේවා සපයන වෙබ් අඩවි විවාහ අපේක්ෂිත පාර්ශවයන්ගේ තොරතුරු මංගල යෝජනා ඉල්ලුම්පත්‍ර හරහා ලබා ගෙන එම තොරතුරු මත පදනම්ව නිශ්චිත කාල සීමාවකට පමණක් සේවා සපයන අතර බොහෝ දුරට ලියාපදිංචි ගාස්තු යටතේ සේවා සැපයිම සිදු කරනු ලබයි.

සමාජ මාධ්‍ය හරහා මංගල සේවා සපයන පුද්ගලයන් සහ ආයතන

වර්ථමානය වන විට සමාජ මාධ්‍ය තුල මංගල සේවා සපයන විවිධ පුද්ගල කණ්ඩායම් අති විශාල පිරිසක් දැකිය හැක. සමාජ මාධ්‍ය තුල මංගල සේවා ලබා පුද්ගලික ගිණුම් (profile), මංගල සේවා පිටු (marriage proposal page), මංගල යෝජනා සමූහයන් (marriage proposal groups) ලෙස වර්ග කල හැක. වර්ථමානය වන විට සමාජ මාධ්‍ය තුල විශ්වසනීයත්වය නොමැති නිසා මංගල සේවා ආයතන කෙරෙහි ඇති විශ්වාසය පිළිබද දෙවරක් සිතා බැලිය යුතුය.

මෙම සේවාවන් ක්‍රියාත්මක කිරීමේදී ඇති ප්‍රධාන ගැටලු සහ දුර්වලතා