-
විවාහයක් අපේක්ෂිත සෑම පාර්ශවයකටම විශ්වසනීය ලෙස විධිමත් ආකාරයට තම සහකරු/ සහකාරිය සොයා ගැනීමට සහයෝගය ලබා දීම තුලින් ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම මංගල සේවාව බවට පත්වීම
- විවාහය තුලින් ශ්‍රී ලාංකික පවුල යහපත්, සාමකාමී, සංතෘෂ්ඨිමත් ඒකකයක් කරමින් අනාගත ශ්‍රි ලංකාවට වැඩදායී පුරවැසියන් බිහි කිරීම.
මෙහෙවර
විශ්වාසවන්ත ලෙස සහකරුවෙකු/ සහකාරියක සොයා ගැනීමට කපු මහතෙකුගේ සහය අපේක්ෂා කරන විවාහ අපේක්ෂිත පාර්ශවයන් වෙත ගොස් ඔවුන්ගේ සැබෑ තත්වය අවබෝධ කර ගනිමින් ඔවුන් බලාපොරොත්තු වන සහකරු/ සහකාරිය සොයා ගැනීමට කපු මහත්වරු හරහා යෝජනා සොයමින් සුදුසු පාර්ශවයන් හදුන්වා දීමත්, සාර්ථක විවාහ උත්සවයකට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමත්, විවාහයෙන් පසු ඇති වන කායික/ මානසික/ මාපිය දූදරු ගැටලු සදහා උපදේශන සේවා ලබා දෙමින් සාර්ථක යුග දිවියකට අවශ්‍ය සේවා ලබා දීම අපගේ මෙහෙවරයි.
අරමුණු
-
සංස්කෘතිකමය අගයන් ආරක්ෂා කර ගනිමින් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් විවාහ අපේක්ෂිත පාර්ශවයන් වෙත සුදුසුම සහකරු/ සහකාරිය සොයා ගැනීමට සහයෝගය ලබා දීම.
-
සොයා ගන්නා සහකරුගේ ගැලපීම් නොගැලපීම් මනෝ විද්‍යනුකූලව විශ්ලේශනය කර දීම.
-
මංගල උත්සවයකදී අවශ්‍ය, තම අවශ්‍යතාවයට සරිලන පරිදි මංගල උත්සවය අලංකාරවත් ලෙස සැලසුම් කර ගැනීමට පහසුකම් ලබා දීම.
- විවාහයෙන් පසු විවාහ ජීවිතයේදී ඇතිවන ගැටළු සදහා පවුල් උපදේශනය තුලින් මග පෙන්වීම, යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට උපදේශන සේවා ලබා දීම, දරුවන් සදහා අවශ්‍ය උප දේශන සේවා ලබා දීම.