උපදේශන සේවා බලාපොරොත්තු වන ඔබට
උපදේශනය යනු “වෘත්තීය පදනමක් මත පුහුණුවක් ලද පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුගේ පුද්ගලික, සමාජීය හෝ මානසික ප්රශ්නයන් හෝ අපහසුතාවයන් විසදා ගැනීමට සහය ලබා දීමේ හා මග පෙන්වීමේ ක්‍රියාවලියයි. (the concise oxford dictionary 9th edition)”
සමලිංගික නොවන පුද්ගලයන් දෙදෙනකු අතර පවත්නා සාපේක්ෂ ලෙස ස්ථීර ලිංගික සම්බන්ධතාවයක් මෙන්ම ආර්ථිකමය වශයෙන් ශ්‍රම විභජනයක් අනුගමනය කිරීම විවාහය ලෙස අර්ථ ගැන්විය හැක.
පෙම්වතුන් ලෙස කොපමන කාලයක් ඇසුරු කලද මත ගැටුම් ඇති නොවේ යැයි විශ්වාස කලද විවාහයෙන් පසු දෙදෙනා බලා පොරොත්තු වූ දේ නොලැබීමත් සමග මත ගැටුම් ඇතිවීම ස්වභාවික තත්වයකි.
යම් පුද්ගලයෙකු මෙවැනි ගැටලු සහගත අවස්ථා අවස්ථාවකට මුහුණ දීම ඔවුන් ලැබූ අධ්‍යාපනික දැණුම, හැදී වැඩුන පරිසරය, බුද්ධිය මෙහෙය වීමේ හැකියාව වැනි සාධක මත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. මෙරට අධ්‍යාපන ක්‍රමය තුල දැනුම බුද්ධිය මෙහෙයවීමට හැකි පුද්ගලයකු බිහිවන්නේද යන්න විශාල ගැටලුවකි. මීට අමතරව දෙමාපියන්ගේ, සහෝදරයන්ගේ, මෙන්ම යහලුවන්ගේ උපදේශ ලබා ගෙන එම උපදේශ අනූව ක්‍රියාත්මකවීම සිදුවීම දැක ගත හැක. නමුත් එම උපදේශ කොපමන දුරට නිවැරදිද යන්න තේරුම් ගැනීමට උපදේශ ලබන පුද්ගලයාට හැකියාව තිබිය යුතුය.
බොහෝ දුරට නව විවාහ දිවියකට ඇතුලත් වූ අඹුසැමියන් මෙන්ම වසර ගණනක පවුල් දිවියක් ගත කරන අඹූසැමියන් වෙතද දෙමාපියන් ලබා දෙන වැරදි උපදේශ ක්‍රියාත්මක කිරීම නිසා එම පවුල් ඒකක දික්කසාදයකින් අවසන් වීම මෙරට කණගාටු දායක තත්වයකි.
පවුල් ඒකකය තුල ගැටුම් පවතින අවස්ථා වල දික්කසාදය වීම ගත යුතු නිවැරදිම තීරණය යැයි නිගමනය කලද දික්කසාදයෙන් පසු ඇතිවන කායික මානසික පීඩාවන් සදහා ඔවුනොවුන් තනිවම මුහුණ දිය යුතුයි යන්න අවබෝධ වීමට යම් කාලයක් ගත වනු ඇත.
ඕනෑම පුද්ගලයකු දික්කසාද වීමෙන් පසු නැවත විවාහයක් අපේක්ෂා කිරීම කායික මෙන්ම මානුෂීය අවශ්‍යතාවයකි. අප සිදු කල සමීක්ෂණයේදී දික්කසාද වූ විවාහ අපේක්ෂිතයන් විශාල පිරිසක් සමීක්ෂණයට භාජනය කල අතර දික්කසාදයයෙන් පසු ඔවුන් මුහුණ දෙන කටුක දිවිය පිළිබද අප සමග තොරතුරු සාකච්ඡා කරන ලදි.
පවුල් ඒකකය තුල ගැටුම් පැවතීම නිසා එම පවුල් සංස්ථාව තුල හැදී වැඩෙන දරුවන්ගේ පෞරුෂ වර්ධනයට ඇති කරන අහිතකර බලපෑම පිරිහුණු සමාජයක් බිහිවීමට ප්‍රභල හේතු සාධකයක් වන අතර පවුල් ඒකකය තුලින් යහපත් දරුවකු නිර්මාණය නොවන්නේ නම් රටක් ලෙස අප කිසිදා දියුණු ශ්‍රි ලාංකිකයන් නොවන බව වැඩිහිටියන් ලෙසත් දෙමාපියන් ලෙසත් ඔබට අවබෝධයක් තිබිය යුතුය.
පවුල් දිවියක් ගත කරන යුවලක් මතවාදී ගැටුම් ඇති වන අවස්ථාවක එකිනෙකාට ඇහුම්කන් නොදීම, ගරු නොකිරීම දැකිය හැක. එමෙන්ම තමාගේ සහකරු/සහකාරිය වෛරී පුද්ගලයෙකු ලෙස දැකිය හැකි අතර ඔවුනොවුගේ දෙමාපියන් දෙන උපදේශ මෙන්ම ඔවුන්ද වෛරීසහගතව දැනීම සාමාන්‍ය තත්වයකි.
මෙවැනි අවස්ථාවක එකිනෙකාට දෝෂාරෝපන එල්ල කිරීම හෝ උපදෙස් ලබා දීමට උත්සහ කිරීමට වඩා ඒ සම්බන්ධයෙන් ප්රවීනත්වය ඇති වෘත්තීය උපදේශකයකු හමු වී උපදෙස් ලබා ගැනීම සාර්ථක පවුල් දිවියක් ගත කිරීමට හේතු වන බව අපගේ සමීක්ෂණයේදි නිගමනය විය.
එබැවින් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි උපදේශන සේවා ලබා දෙන වෘත්තීයවේදීන් හා ආයතනයන් පිළිබද තොරතුරු අප වෙබ් අඩවියේ ඇතුලත් කිරිමට ඔවුන් වෙත අවස්ථාව ලබා දෙන්නෙමු. එමගින් ඔබ අපේක්ෂා කරන සාර්ථක විවාහ දිවිය ගත කිරිමට අවශ්‍ය උපදේශන සහය ලබා ගැනීම සදහා හැකියාව ඇත.
අපගේ සේවාව තුල ලියාපදිංචිවී අප හරහා විවාහ ගිවිසගත් යුවල සදහා මෙන්ම පවුල් උපදේශන සේවාවක් අවශ්‍ය සියලු පාර්ශවයන් සදහා මෙම සේවාව ලබා ගැනීමේ හැකියාව ඇත.
උපදේශන සේවා සපයන ඔබට
ලංකාව පුර විසිරි සිටින උපදේශන සේවා සපයන ඔබට අපගේ වෙබ් අඩවිය හරහා ඔබ පිළිබද, ඔබගේ ආයතනය පිළිබද නොමිලේ ප්‍රචාරණය කිරීමට අප අවස්ථාව ලබා දෙන්නෙමු.
සාර්ථක පවුල් ඒකකයක් ගොඩ නගා ගැනීමට උපදේශන සේවාව අපේක්ෂාවෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන විවාහ අපේක්ෂිතයන්, අඹුසැමියන්, දෙමාපියන් මෙන්ම උපදේශන සේවා අපේක්ෂිත සියලු පාර්ශවයන් වෙනුවෙන් දැනුවත්වීම සදහා ඔබ පිළිබද හදුන්වාදිය යුතු අත්‍යාවශ්‍ය මූලික තොරතුරු ඇතුලත් කිරීම ඔබ විසින් සිදු කල යුතුය. ඔබට ලබාදෙන උපදේශන සේවාවන් පිළිබද, ඔබගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබද මෙන්ම ලබා දෙන සේවාවන් ගේ මිල ගනන් ඔබ විසින් ඉදිරිපත් කල යුතුය. උපදේශන සේවාව අපේක්ෂා කරන ඕනෑම පාර්ශවයකට ඔබගේ සේවය ලබා ගැනීම සදහා පෞද්ගලිකව සම්බන්ධ කර ගැනීමටද මෙම මගින් අවස්ථාව සලසා දෙනු ඇත.
ඔබගේ උපදේශන සේවා පිළිබද නොමිලේ පල කිරීමට (සීමිත කාලසීමාවකට පමණි)
ඔබගේ උපදේශන සේවා වෙනුවෙන් වෙබ් පිටුවක් වෙන් කිරීමට