kapumahaththaya

  1. Home
  2. Marriage proposal Agreement

Marriage proposal Agreement

විවාහ අපේක්ෂිත පාර්ශවය සදහා කපු මහත්තයා ආයතනික මෙහෙයුම් ක්‍රියාවලිය හරහා විවාහයට සුදුසු පාර්ශවයක් හදුනා ගැනීමට සහයෝගය ලබා දීම හා එකී සහයෝගය මත හදුනා ගනු ලබන පාර්ශවය සමග විවාහ ගිවිස ගැනීමේදී කපු මහත්තයා ආයතනය හා විවාහ අපේක්ෂිතයා අතර එළඹෙනු ලබන ගිවිසුම.

මෙහි පළමු පාර්ශවය යැයි කියනු ලබන හිගුරක්ගොඩ, ගල්අමුණ, මුණිසිරිගම, අංක 487, දරණ ස්ථානයේ ලියාපදිංචි අංක POL/LKP/ESD/02/05/1599 යටතේ ලියාපදිංචි කර ඇති කපු මහත්තයා ආයතනයේ කළමණාකරු වෙනුවෙන් කපු මහත්තයා ආයතනයේ ලියාපදිංචි ….………………………….. (ස්ථීර ලිපිනය) හිපදංචි ………………………………. (ජා.හැ.අං.) දරණ .…………………………… (සම්පූර්ණ නම) නියෝජිත කපු මහතා සමග ……………………….(ස්ථීර ලිපිනය) හි පදංචි විවාහ අපේක්ෂිත පාර්ශවය වන මෙහි මින් මතු විවාහ අපේක්ෂිතයා ලෙස හදුන්වනු ලබන………………………………………(ජා.හැ.අං.) දරණ …………………………….. (සම්පූර්ණ නම) මයා/මිය/මෙනවිය යන අය දෙවන පාර්ශවය ටද, බැදි දෙපාර්ශවයේ එකගත්වය ඇතිව වර්ෂ ………………. ක් වූ ……………………….. මස …………… වෙනි දින අත්සන් තබා ඇති කර ගන්නා ගිවිසුමයි. 

එකී  ගිවිසුමේ  කොන්දේසි  කවරේද  යත්,

01 මෙම ගිවිසුමේ උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව පළමු පාර්ශවය විසින් දෙවන පාර්ශවයට විවාහ ගිවිස ගන්නා අවස්ථාව දක්වා සහකරුවෙකු/ සහකාරියක සොයා ගැනීමට සහයෝගය ලබා දීමට එකගවේ.

02 පළමු පාර්ශවය ලබා දුන් සහයෝගය මත දෙවන පාර්ශවය වෙත සොයා දුන් සහකරු/ සහකාරිය සමග විවාහ ගිවිස ගන්නා අවස්ථාවේ ගිවිසුම්ගත වන රුපියල් …………………………….. (අකුරින්) (……………..) (ඉලක්කමෙන්) ක සේවා ගාස්තුව (කපු ගාස්තුව) පළමු පාර්ශවයට ගෙවීමට දෙවන පාර්ශවය එකග වෙයි.

03 දෙවන පාර්ශවය විසින් ලියාපදිංචි මුදල ගෙවීම, මංගල යෝජනා අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කිරීම, නිසි පරිදි ගිවිසුම සම්පූර්ණ කර අත්සන් කිරීම හා   එම ගිවිසුම පළමු පාර්ශවය විසින් පිළිගැනීම, දෙවන පාර්ශවය විසින් මුදල් ගෙවූ ලදු පත තමා වෙත ලද විගස පැහැදිලි ඡායාරූපයක් 0713179021 දුරකතන අංකය වෙත whatsApp මගින් හෝ පළමු පාර්ශවය එම අවස්ථාවේ ලබා දෙන උපදෙස් මත ගෙවීම තහවුරු කිරීම, දෙවන පාර්ශවය විසින් පළමු පාර්ශවයට අවශ්‍ය පරිදි අවස්ථානුකූලව පදිංචිය සනාථ කිරීම, අනන්‍යතාව ඔප්පු කිරීමට අදාල ලේඛන, රැකියාවට අදාල ලේඛන, ආදායම් තොරතුරු, දික්කසාද ලේඛන , උපත් සහතික, මරණ සහතික පළමු පාර්ශවය තෘප්තිමත් වන ප්‍රමාණයට කරුණු ඔප්පු කල හැකි ලේඛණ ඉදිරිපත් කිරීමට  දෙවන පාර්ශවය එකග වෙයි.

04 දෙවන පාර්ශවය විසින් පළමු පාර්ශවය වෙත ඉදිරිපත් කල මෙම ගිවිසුම, මංගල යෝජනා අයදුම්පත සහ අදාල ලේඛණ සත්‍ය බවටත් ඒවායේ සදහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවටත් නියෝජනයක් හා සහතිකයක් ලබා දෙයි. ලේඛණ සම්බන්ධව  පළමු පාර්ශවය තෘප්තිමත් නොවන විට සහ/හෝ ලේඛණ වංචනික ඒවා වන හා/හෝ නොමග යවන සුළු වන අවස්ථාවක, ව්‍යාජ තොරතුරු ඇතුලත් වන විටක මෙම ගිවිසුම යටතේ දෙවන පාර්ශවයට විවාහයට සහකරුවෙකු/ සහකාරියක සොයා ගැනීමට සහයෝගය ලබා නොදීම හෝ විවාහයට සහකරුවෙකු/ සහකාරියක සොයා දුන් අවස්ථාවක විවාහ ගිවිසගැනීමට පෙර මෙම ගිවිසුම අවලංගු/ අවසාන කිරිමේ හැකියාව පළමු පාර්ශවයට ඇති බව දෙවන පාර්ශවය පිළිගනී.

05 මෙහි 03 වගන්තියට යටත්ව පළමු පාර්ශවය විසින් දෙවන පාර්ශවයට සහකරුවෙකු/ සහකාරියක සොයා ගැනීමට සහයෝගය ලබා දීමේ මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ කරමින් කපු මහත්තයා Facebook පිටුව ඇතුලු සමාජ මාධ්‍ය තුල හා/හෝ  www.kapumahaththaya.com වෙබ් අඩවිය තුල හා/හෝ දෙවන පාර්ශවයේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් (ඡායාරූප, නම, දුරකතන අංකය ඇතුලත් නොකර) මංගල යෝජනාව පුලුල් ලෙස ප්‍රචාරය ආරම්භ කිරීමටත්, අවශ්‍ය අවස්ථා වල  දෙවන පාර්ශවයේ  ඡායාරූප, නම, දුරකතන අංකය ලබා දී ලංකාව පුරා සිටින කපු මහත්තයා ආයතනයේ නියෝජිතයන්/කපු මහත්වරු හරහා විවාහයට සුදුසු පාර්ශවයක් සෙවීම ඇතුලු මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට එකග වේ. මෙහි 03 වගන්තියේ කොන්දේසි සම්පූර්ණ කර නොමැති විටදී පළමු පාර්ශවය මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට බැදී නැති බවට දෙවන පාර්ශවය පිළිගනී.

06 මෙම සේවාව මානුෂිය මෙන්ම සංවේදී ගනුදෙනුවකි. 3 වගන්තියට යටත්ව දෙවන පාර්ශවයට විවාහයට සුදුසු සහකරුවෙකු/ සහකාරියක සෙවීමේ මෙහෙයුම් ක්‍රියාවලිය විවාහ ගිවිසගන්නා තෙක් අඛණ්ඩව පළමු පාර්ශවය විසින් සිදු කරනු ඇත. මේ සදහා වැය වන කාලය පිළිබද පුරෝකථනය කල නොහැක. මෙම සේවාව කපු මහතුන් හරහා සිදු කරන බැවින් මේ පිළිබද ඉතා හොද අව‍බෝධයක් දෙවන පාර්ශවයට තිබිය යුතුය. පළමු පාර්ශවය ලබා දෙන මංගල යෝජනා පිළිබද තෘප්තිමත්භාවයේ සීමාව දෙවන පාර්ශවය විසින් තීරණය කල යුතුය. දෙවන පාර්ශවය වෙත විවාහයට සුදුසු සහකරුවෙක්/සහකාරියක් හදුන්වා දීම පමණක් සිදු කරන අතර වැඩි දුර තොරතුරු සොයා බැලීම දෙවන පාර්ශවයේ වගකීමක් බව පිළිගනී.

07 කිසිදු අවස්ථාවක පළමු පාර්ශවය විසින් මංගල යෝජනාවකට කැමැත්ත ලබා දීමට අනුබල දීමක් හෝ බලපෑම් කිරිමක් සිදු නොකරන අතර එවැනි ඉල්ලීමකට දෙවන පාර්ශවයට හිමිකමක් නොමැත. අදාල පාර්ශවය සමග අදහස් ගැලපේදැයි දැන ගැනීමට හදුන්වා දෙන සහකරු/සහකාරිය සමග උපරිම මාස 03 ක කාලයක් අදහස් හුවමාරු කර ගැනීමට පමණක් අවස්ථාව ලබා දෙනු ලැබේ. එම කාල සිමාව තුල අනවශ්‍ය ගැටුම්/සමීප සබදතා /මුදල් ගනුදෙනු වැනි කටයුතු සිදු කිරීම ඔවුනොවුන්ගේ අභිමතය පරිදි සිදු කර ගත හැකි වුවද එහි වගකීමක් හෝ ඒවායෙහි අතුරු ප්‍රතිඵල සදහා පළමු පාර්ශවය කිසිදු බැදීමක් නැති බව දෙවන පාර්ශවය පිළිගනී.

08 දෙවන පාර්ශවය වෙත විවාහයට සුදුසු පාර්ශවය හදුන්වා දී අදහස් හුවමාරු කර ගැනීමට උපරිම මාස 03 ක කාලයක් ලබා දී එම කාල සීමාව තුල දෙපාර්ශවය විවාහවීමට තීරණය කලත් විවාහ ගිවිස ගැනීමට එම කාල සීමාව ප්‍රමාණවත් නොවන්නේ නම් හෝ මාස තුනක කාලය දෙපාර්ශවය හදුනා ගැනීමට ප්‍රමාණවත් නොවන්නේ නම් කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය අවසාන තීරණය බව දෙවන පාර්ශවය පිළිගනී.

09 දෙවන පාර්ශවය සුදුසු පාර්ශවයක් සමග විවාහ ගිවිසගන්නා තෙක් අඛණ්ඩව පළමු පාර්ශව සමග සක්‍රිය සබදතාවක් පවත්වා ගත යුතුය. දෙවන පාර්ශවය හෝ දෙවන පාර්ශවය නියෝජනය කරන කිසියම් පාර්ශවයක් කුමන හෝ ක්‍රමයකට පළමු පාර්ශවට අනිසි බලපෑම්, දෝෂාරෝපන එල්ලකිරිම, නිගරු වන ආකාරයේ ප්‍රකාශ හෝ ක්‍රියා කුමන මාධ්‍යකින් වුවද සිදු නොකල යුතුය. එවැනි අවස්ථාවක් පිළිබද සාධාරණ හේතු මත විශ්වාස කිරිමට කපු මහත්තයා ආයතනයට කරුණු දැනගැනිමට අවස්ථාව ලද විට සාක්ෂි සහිතව දෙවන පාර්ශවයෙන් නිදහසට කරුණු විමසීමක් සිදු කරනු ලැබේ. දෙවන පාර්ශවයේ නිර්දෝෂි භාවයට අදාල කරුණු ඉදිරිපත් කිරීමට නිර්දෝෂී භාවය ඔප්පු කිරිමට දින 14 ක කාල සීමාවක් ලබා දෙන අතර අදාල කාල සීමාව තුල දෙවන පාර්ශවයේ නිර්දෝෂී භාවය තහවුරු කිරීමට අපොහොසත් වන්නේ නම්  කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය අවසාන තීරණය බව දෙවන පාර්ශවය පිළිගනී.

10 කපු මහත්තයා ආයතනයේ නියෝජිතයන් (ලියාපදිංචි කපු මහතෙකු/ නියෝජිත ආයතනයක්) පිළිබද හෝ  සේවා ලබා ගැනීමට අදාල පැමිණිල්ලක් වේ නම්, සේවා ගිවිසුමෙහි සදහන් කපු මහත්තයා ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත ලිපියක් මගින් ලියාපදිංචි තැපෑලෙන් සහ/හෝ කපු මහත්තයා ආයතනික දුරකතන අංකය වන 0713179021 දුරකතන අංකය වෙත  WhatsApp හරහා හා/හෝ වෙබි අඩවියේ ඇති පැමිණිලි පෝරමය හරහා හා/හෝ පළමු පාර්ශවය එම අවස්ථාවේ ලබා දෙන උපදෙස් මත යොමු කල යුතුය.  සේවා ගුණාත්මක භාවය රැක ගැනී‍ම වෙනුවෙන් අදාල පැමිණිල්ල  පිළිබද තොරතුරු සනාථ කිරීම දෙවන පාර්ශවයේ යුතුකමක් බව පිළිගනී.

11 මෙහි 3 වගන්තියට යටත්ව මංගල යෝජනාව භාර දුන් අවස්ථාවේ සිට අදාල මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ වන බැවින් පෙර දැනුම් දීමක් සහිතව හෝ රහිතව පළමු පාර්ශවයේ නියෝජිත කපු මහතෙකු දෙවන පාර්ශවයේ තොරතුරු සොයා බැලීමට හා/හෝ මංගල යෝජනාවක් භාර දීමට නිවසට පැමිණි අවස්ථාවක කපු මහතා හොදින් පිලිගැනීම, ඔහුගේ ගමන් වියදම ලබා දීම යුතුකමක් හා වගකීමක් බවත්, ගමන් වියදම අවමය රුපියල් දහස (1000) ක් බවත්, මේ සදහා කපු මහත්තයා ආයතනික බිල්පතක් නිකුත් නොකරන බවත් දෙවන පාර්ශවය පිළිගනී.

12 දෙවන පාර්ශවයේ තොරතුරු සොයා බැලීමට සහ/හෝ මංගල යෝජනාවක් භාර දීමට පළමු පාර්ශවයේ නියෝජිත කපු මහතෙකු නිවසට පැමිණෙන සෑම අවස්ථාවකම එම අවස්ථාවේදීම කපු මහත්තයා ආයතනය දැනුවත් කල යුතුය. එකී සෑම අවස්ථාවකම 0713179021 දුරකතන අංකය වෙත නියෝජිත කපු මහතා සමග සමූහ ඡායාරූපයක් ලබා ගෙන WhatsApp හරහා යොමු කිරීම හෝ  පළමු පාර්ශවය එම අවස්ථාවේ ලබා දෙන උපදෙස් මත කටයුතු කල යුතුය.

13 කපු මහත්තයා ආයතනයේ නියෝජිතයකු/කපු මහතෙකු වෙත ලියාපදිංචි ගාස්තු ලබා දීම‍ සහ/හෝ සේවා ගාස්තු ලබා දෙන අවස්ථාවක ආයතනික බිල් පත අනිවාර්යෙන් ලබා ගත යුතු අතර බිල් පත සුරැකිව තබා ගත යුතුය.  මුදල් ගෙවා බිල් පත ලබා ගත් අවස්ථාවේ බිල් පතෙහි පැහැදිලි ඡායාරූපයක් 0713179021 දුරකතන අංකය වෙත WhatsApp හරහා හෝ එම අවස්ථාවේ ලබා දෙන උපදෙස් මත කපු මහත්තයා ආයතනය වෙත යොමු කල යුතුය.

14 කපු මහත්තයා ආයතනික මෙහෙයුම් ක්‍රියාවලිය හරහා හෝ වෙනත් ඕනෑම ආකාරයකින් දෙවන පාර්ශවය හදුනාගත් සහකරු/ සහකාරිය සමග තොරතුරු සාකච්ඡා කර සබදතා ඇති කර ගනිමින් විවාහ ගිවිසගැනීම දක්වා සබදතාව පවතින්නේ නම් ඒ පිළබද පළමු පාර්ශවය දැනුවත් කිරීමට දෙවන පාර්ශවය එකග වෙයි.

15 දෙවන පාර්ශවයට කපු මහත්තයා Facebook පිටුව, kapumahaththaya.com වෙබ් අඩවිය, හරහා සුදුසු යෝජනා තිබේදැයි විමසා බැලිය හැක. සුදුසු යෝජනාවක් තිබේ  නම් ආයතනික දුරකතන අංකය වන 0713179021 වෙත  WhatsApp හරහා හෝ වෙබ් අඩවියේ විමසීම් පෝරමය හරහා හෝ කපු මහත්තයා  Facebook පිටුව වෙත messenger හරහා හෝ යෝජනා අංකය යොමු කර ආයතනය දැනුවත් කිරීමෙන් අනතුරුව එම මංගල යෝජනාවට අදාල පාර්ශවය සහ/ හෝ එම මංගල යෝජනාව භාර කපු මහතා ඉදිරි කටයුතු සදහා සම්බන්ධ කරනු ඇත.

16 දෙවන පාර්ශවය කපු මහත්තයා ආයතනික මෙහෙයුම් ක්‍රියාවලිය හරහා විවාහ ගිවිසගැනීමෙන් අනතුරුව ඉදිරි විවාහ උත්සව කටයුතු වලදී හා අනාගත ගෘහ ජීවිතයේදී ඇතිවන පවුල් ආරවුල් , විවාහ බිදවැටීම්, දික්කසාද නඩු සදහා පළමු  පාර්ශවය වගකීම නොදරන අතර එහි වගකීම දෙවන පාර්ශවය විසින් දැරිය යුතු බව පිළිගනී.

17 දෙවන පාර්ශවය පළමු පාර්ශවයේ මෙහෙයුම් ක්‍රියාවලිය හරහා විවාහයට සුදුසු සහකාරියක්/ සහකරුවෙක් හදුනාගෙන විවාහ ගිවිස ගන්නා අවස්ථාවේ උපලේඛණයේ සදහන් සේවා ගාස්තු එක වර පළමු පාර්ශවය වෙත ගෙවීමට අපොහොසත් වන්නේ නම් ණය ආපසු අය කර ගැනීමේ ක්‍රියාවලියකට යටත්වනු ඇත. අදාල මුදල් අය කර ගැනිමට පළමු පාර්ශවයට යම් වියදමක් දැරීමට සිදු වන්නේ නම් එම වියදම ගෙවීමටද එකග වන බව දෙවන පාර්ශවය පිලිගනී.

18 දෙවන පාර්ශවය භාර දෙන ලේඛණ තීරණය කිරීමට, එම ලේඛණ විශ්ලේෂණය කර භාර ගැනීමට අදාල නිර්ණායක සහ උපදෙස් මාලාවන් තීරණය කිරීමට, දෙවන පාර්ශවය විසින් භාර දෙන ලේඛණ විශ්ලේෂණය කර භාර ගැනීම සහ කපු මහත්තයා ආයතනික මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට අදාල වන සුදුසුකම් තීරණය කිරීම අදාල අවස්ථාවන් වලදී කපු මහත්තයා ආයතනයේ  කළමණාකරුගේ පූර්ණ අභිමතය පරිදි විය යුතු බව දෙවන පාර්ශවය පිලිගනී.

19 කපු මහත්තයා ආයතනය මෙම ගිවිසුමෙහි සදහන් නියමයන් සහ කොන්දේසි කාලයෙන් කාලයට වෙනස් කිරීමට එකතු කිරිමට හෝ සංශෝධනය කිරීමට ඇති අයිතිය රදවා ගනී. එසේ සං‍ශෝධනය කිරීමකදී කපු මහත්තයා ආයතනික වෙබ් අඩවිය වන kapumahaththaya.com  හා/හෝ කපු මහත්තයා Facebook පිටුව  හරහා පූර්ව දැනුම්දීමක් සිදු කරන අතර දෙවන පාර්ශවය එයින් බැදී සිටීමට එකග වෙයි.

20 මෙම ගිවිසුම යටතේ දෙවන පාර්ශවය එකගවී ඇති කුමන හෝ නියමයක් උල්ලංඝනය කරන ඕනෑම අවස්ථාවක සහ එම උල්ලංඝනය කිරිම පිළිබද පළමු පාර්ශවය විසින් දැන්වීමක් කල පසු දැන්වීමේ කාලය දීර්ඝ නොකරයි නම් දින 14 ක් තුල එම කඩ කිරීම යථා තත්වයට පත් කල යුතු අතර, එසේ නොකරන්නේ පළමු පාර්ශවයට මෙම ගිවිසුම අවසාන කල හැකි බව දෙවන පාර්ශවය පිළිගනී.

21 දෙවන පාර්ශවය විසින් මෙම ගිවිසුම යටතේ පළමු පාර්ශවය වෙත සපයා ඇති ලේඛණ සහ /හෝ  තොරතුරු වංචනික, වැරදි හා නොමග යවන සුලු ඒවා බව සාධාරණ හේතු මත විශ්වාස කිරිමට පළමු පාර්ශවයට කරුණු දැනගැනිමට අවස්ථාව ලද විට හෝ  කුමන හෝ කරුණක් හේතුවෙන් දෙවන පාර්ශවය වෙත සේවා සැපයිමට සම්බන්ධව රජය විසින්/ රාජ්‍ය ආයතනයක් විසින් දෙවන පාර්ශවයේ අනාගත විවාහ දිවියට සෘජුවම බලපාන නීති රෙගුලාසි ක්‍රියාත්මක විම පිළිබද සාධාරණ හේතු මත විශ්වාස කිරිමට  පළමු පාර්ශවයට කරුණු දැනගැනිමට අවස්ථාව ලද විට හෝ දෙවන පාර්ශවය වංචා සහගත ලේඛණ හා තොරතුරු ඉදිරිපත් කර මෙම ගිවිසුමට ඇතුලත් වී විවාහ ගිවිස ගැනීමට යැයි පවසා සහකරු/ සහකාරිය හදුනාගෙන රැවටීමට, මුලා කිරිමට, නීති විරෝධී ක්‍රියාවකට සහ නීතිය සමග ගැටුම්කාරී තත්වයක් ඇති කරවන ක්‍රියාවකට යොදාගන්නා බව පළමු පාර්ශවයට දැනගන්නට ලැබුණ අවස්ථාවේදී හෝ මෙම ගිවිසුම අවසන් කිරිමට පළමු පාර්ශවය වෙත බලය ඇති බව දෙවන පාර්ශවය පිළිගනී.

22 ගිවිසුම කල් පිරිමට පෙර පළමු හෝ දෙවන පාර්ශවය විසින් ගිවිසුම අවසාන කරයි නම් ලියාපදිංචි මුදල ආපසු ලබා නොදෙන අතර කපු මහත්තයා ආයතනික මෙහෙයුම් ක්‍රියාවලිය හරහා දෙවන පාර්ශවය විවාහ ගිවිස ගැනීමක් සිදුවන්නේ නම් 17 වගන්තිය පරිදි ණය ආපසු අය කර ගැනීමේ ක්‍රියාවලියට අදාල කර ගත යුතුය.

23 මෙම ගිවිසුම අනූව  මංගල සේවාව සම්බන්ධ  ඉහත කොන්දේසි උල්ලංඝනය කිරීමෙන් හෝ කඩ කිරීමෙන් මෙම දෙපාර්ශවය  අතර ඇතිවන ආරවුල් හෝ ගැටළු සහගත තත්වයකදී කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ  තීරණය අවසාන තීරණය බව දෙපාර්ශවය පිළිගනී.

මීට සාක්ෂි වශයෙන් පළමු පාර්ශවය වෙනුවෙන්  කපු මහත්තයා ආයතනයේ ලියාපදිංචි කපු මහතා/ නියෝජිතයා සහ දෙවන පාර්ශවය වෙනුවෙන් විවාහ අපේක්ෂිත පාර්ශවය වර්ෂ …………….. ක් වූ ……………. මස ………… වැනි දින ………………………………………………………………. හිදී හොදින් කියවා බලා අත්සන් තබන ලදී.

පළමු පාර්ශවය

නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

ලියාපදිංචි අංකය ………………………..

දිනය……………………………

දෙවන පාර්ශවය

විවාහ අපේක්ෂිත පාර්ශවයේ නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

දිනය……………………………

පළමු පාර්ශවය වෙනුවෙන් අත්සනට සාක්ෂි

01 නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

02 නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

දෙවන පාර්ශවය වෙනුවෙන් අත්සනට සාක්ෂි

01 නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

02 නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….