kapumahaththaya

  1. Home
  2. Contract Agreement [kapumahaththaya]

Contract Agreement [kapumahaththaya]

විවාහ අපේක්ෂිත පාර්ශවයන් සදහා විවාහයට සුදුසු පාර්ශවයක් හදුනා ගැනීමට සහයෝගය ලබා දීමේදී කපු මහත්තයා ආයතනය හා නියෝජිත කපු මහත්වරු අතර සේවය සදහා එළඹෙනු ලබන ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම.

මෙහි පළමු පාර්ශවය යැයි කියනු ලබන හිගුරක්ගොඩ, ගල්අමුණ, මුණිසිරිගම, අංක 487, දරණ ස්ථානයේ ලියාපදිංචි අංක POL/LKP/ESD/02/05/1599 යටතේ ලියාපදිංචි කර ඇති කපු මහත්තයා ආයතනයේ  කළමණාකරු එක් පාර්ශවයකටද  ..…………………… (ස්ථීර ලිපිනය) හි පදංචි මෙහි මින් මතු නියෝජිත කපු මහතා වශයෙන් හදුන්වනු ලබන …………………. ජා.හැ.අංකය.) දරණ ………………………….. (සම්පූර්ණ නම) මයා/මිය/ යන අය දෙවන පාර්ශවය ටද, බැදි දෙපාර්ශවයේ එකගත්වය ඇතිව වර්ෂ …………… ක් වූ ……………………….. මස  …………… වෙනි දින අත්සන් තබා ඇති කර ගන්නා  ලද ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුමයි.

01 ගිවිසුමේ අරමුණ හා කාලය

 01.1 මෙම ගිවිසුමේ අරමුණ  ගිවිසුමේ උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව කපු මහත්තයා ආයතනය විසින් උපලේඛණය 01 හි සදහන් ලියාපදිංචි  ගාස්තු අය කර දෙවන පාර්ශවය වෙත භාර දෙනු ලබන විවාහ අපේක්ෂිත පාර්ශවයේ මංගල යෝජනාව සදහා සහ/හෝ දෙවන පාර්ශවය විසින් මෙම ගිවිසුමේ උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව උපලේඛණය 01 හි සදහන් ලියාපදිංචි ගාස්තු අය කර කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය වෙත භාර දෙනු ලබන විවාහ අපේක්ෂිත පාර්ශවයේ මංගල යෝජනාව සදහා විවාහ අපේක්ෂිතයා විවාහ ගිවිස ගන්නා තුරු, විවාහයට සුදුසු සහකරුවෙකු/ සහකාරියක  සොයා ගැනීමට සහයෝගය ලබා දීම.

01.2 මෙහි 02 වගන්තියේ දක්වා ඇති කොන්දේසි සම්පූර්ණ වීමෙන් මෙම ගිවිසුම බලාත්මක වන අතර කපු මහත්තයා ආයතනය විසින්  දෙවන පාර්ශවය වෙත භාර දෙනු ලබන විවාහ අපේක්ෂිතයාගේ මංගල යෝජනාව සදහා සහ/හෝ දෙවන පාර්ශවය විසින් මෙම ගිවිසුමේ උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව විවාහ අපේක්ෂිතයා සමග ගිවිසුම්ගතව භාර ගෙන කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය වෙත භාර දෙනු ලබන මංගල යෝජනාවට අදාල විවාහ අපේක්ෂිතයා විවාහ ගිවිස ගන්නා තුරු විවාහ අපේක්ෂිතයා වෙත විවාහයට සුදුසු සහකරුවෙකු/ සහකාරියක  සොයා ගැනීමට සහයෝගය ලබා දී විවාහ අපේක්ෂිතයා විවාහ ගිවිසගන්නා අවස්ථාවේ විවාහ අපේක්ෂිතයා සමග ගිවිසුම් ගත වන සේවා ගාස්තුව (කපු ගාස්තුව) අය කර ගන්නා තෙක් මෙම ගිවිසුම වලංගුව පවතී.

02 ගිවිසුම ආරම්භ වීම

පහත සියල්ලම සම්පූර්ණ වූ පසු ගිවිසුම බලාත්මක වේ.

02.1 දෙවන පාර්ශවය විසින් නිසි පරිදි ගිවිසුම අත්සන් කර නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් හා   එම ගිවිසුම පළමු පාර්ශවය විසින් පිලිගැනීම,

02.2 දෙවන පාර්ශවය විසින් මෙම ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම් අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර කපු මහත්තයා ආයතනය වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරිම.

02.3 දෙවන පාර්ශවය විසින් පළමු පාර්ශවයට පදිංචිය සනාථ කිරීම, අනන්‍යතාව ඔප්පු කිරීමට අදාල ලේඛන ඉදිරිපත් කිරීම. (ග්‍රාම නිළධාරී සහතිකය, ග්‍රාම නිළධාරී විසින් සහතික කල ජාතික හැදුනුම්පතෙහි/රියදුරු බලපත්‍රයෙහි ඡායා පිටපත, මංගල සේවා සපයන ආයතනයක් ලෙස රජයේ ලියාපදිංචි වී සිටින්නේ නම් ග්‍රාම නිළධාරී විසින් සහතික කල ව්‍යපාර ලියාපදිංචි සහතිකය)

02.4 කපු මහත්තයා ආයතනික Facebook පිටුව තුල හා /හෝ www.kapumahaththaya.com වෙබ් අඩවිය තුල හා/හෝ කපු මහත්තයා app (ජංගම දුරකතන යෙදවුම) තුල හා/හෝ ඇතුලත් කිරිමට දෙවන පාර්ශවයේ පැහැදිලි, වැදගත් කමින් යුත් ඡායාරූපයක් ලබා දීම.

02.5 කපු මහත්තයා ආයතනයේ ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත්වීම. – පළමු පාර්ශවය විසින් දෙවන පාර්ශවය වෙත භාර දෙනු ලබන විවාහ අපේක්ෂිතයන් පස් දෙනෙකුගේ (05) මංගල යෝජනා සදහා සහ/හෝ දෙවන පාර්ශවය විසින් මෙම ගිවිසුමේ උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව භාර ගෙන කපු මහත්තයා ආයතනය වෙත භාර දුන් විවාහ අපේක්ෂිතයන් පස් දෙනෙකුගේ (05) මංගල යෝජනා විවාහ ගිවිස ගන්නා තුරු විවාහ අපේක්ෂිතයා වෙත විවාහයට සහකරුවෙකු/ සහකාරියක  සොයා ගැනීමට සහයෝගය ලබා දීම තුලින් ප්‍රායෝගික පරීක්ෂණය සමන්විත වන අතර මෙම කාල සීමාව තුල පළමු පාර්ශවයේ සහ විවාහ අපේක්ෂිත පාර්ශවයේ විශ්වසනීයත්වය තහවුරු කිරීමට හැකි සෑම උත්සහයක්ම දෙවන පාර්ශවය විසින් දැරිය යුතුය.

02.6 කපු මහත්තයා ආයතනයේ ස්වාධීන කොන්ත්‍රාත් සේවා සැපයුම් ගිවිසුමට යටත්ව සේවය කිරීමට කැමැත්ත ප්‍රකාශ කල ලිපිය.

03 සේවාව ආරම්භ කිරීම

03.1 මෙහි 02 වගන්තියට යටත්ව පළමු පාර්ශවය විසින් දෙවන පාර්ශවය කපු මහත්තයා ආයතනයේ නියෝජිත කපු මහතෙකු ලෙස සේවයට බදවා ගනු ලැබේ.

03.2 ඒ අනූව කපු මහත්තයා ආයතනයේ මුදල් භාර ගැනීමේ ලදුපත (පිටපත් 03 කි), විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම් පත්‍රය, මංගල යෝජනා අයදුම්පත්‍රය දෙවන පාර්ශවය වෙත ලැබුම් හැගුම් සහිතව භාර දෙනු ඇත. මෙම ලේඛන අනුක්‍රමික අංකයක් සහිතව මුද්‍රණය කර ඇත. අනුක්‍රමික අංකයක් සහිත පොත් ලද විට සටහන් කර ගැනීමට CR පොතක පහත පරිදි ලේඛණයක් පවත්වා ගෙන යා යුතු අතර CR පොතෙහි පිටු අංක කර තිබිය යුතුය.

03.3 දෙවන පාර්ශවය  වෙත ලැබුම් හැගුම් සහිතව භාර දෙන ලැබු  මුදල් භාර ගැනීමේ ලදුපත, සේවා ගිවිසුම් පත්‍රය, මංගල යෝජනා අයදුම් පත්‍රය මංගල යෝජනා භාර ගැනීමේදී නිකුත් කර අවසන් වූ පසු කපු මහත්තයා ආයතනය වෙත පිටපත් දෙකකින් යුත් ඉල්ලුම් පත්‍රයක් යොමු කර හෝ 0713179021 දුරකතන අංකය වෙත ඇමතුමක් ලබා දී නව  මුදල් භාර ගැනීමේ ලදුපත, සේවා ගිවිසුම් පත්‍රය, මංගල යෝජනා අයදුම් පත්‍රය ඉල්ලුම් කල යුතුය. කපු මහත්තයා ආයතනය විසින්  ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝස්ට් මගින් දෙවන පාර්ශව ලබා දුන් සේවා ගිවිසුමේ සදහන් ලිපිනයට තැපැල් මගින් අදාල කුවිතාන්සි පොත් ලැබුම් හැගුම් සහිතව යොමු කරනු ඇත. අදාල කුවිතාන්සි පොත් ලද විගස කපු මහත්තයා ආයතනය සමග දුරකතනයෙන් සම්බන්ධ විය යුතු අතර එම අවස්ථාවේ කපු මහත්තයා ආයතනය විසින් ලබා දෙන උපදෙස් අනූව දුරකතනයෙන් කුවිතාන්සි පොත් ලැබීම තහවුරු කල යුතු අතර එම කුවිතාන්සි පොත් සටහන් කර එවන ලේඛණයයෙහි නිවැරදිව අත්සන් තබා භාර ගෙන එම ලේඛණය ගිණුම් පරීක්ෂා කිරීම සදහා කාර්යාලයේ ගොණු කර තැබිය යුතුය.

03.4 මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවය විසින් භාර ගනු ලබන මංගල යෝජනාවක හෝ පළමු පාර්ශවය විසින් භාර දෙනු ලබන මංගල යෝජනාවක හෝ නියෝජිතයකු හරහා ලැබෙන මංගල යෝජනාවක තොරතුරු විමසා බැලීමට විවාහ අපේක්ෂිත පාර්ශවයේ නිවසට යාමට පැය දෙකකට (02) පෙර කපු මහත්තයා ආයතනිකය ‍දුරකතන අංකය වන 0713179021 අමතා දැනුවත් කිරිම හා විවාහ අපේක්ෂිත පාර්ශවය දැනුවත් කිරීම සිදු කල යුතු අතර නියෝජිතයකු හරහා ලැබෙන මංගල යෝජනාවක තොරතුරු විමසා බැලීමට විවාහ අපේක්ෂිත පාර්ශවයේ නිවසට යාමට පෙර අදාල නියෝජිතයාද දුරකතනයෙන් දැනුවත් කිරීම අනිවාර්ය වේ.

03.5 විවාහ අපේක්ෂිත පාර්ශවයේ නිවසට ගොස්  කපු මහත්තයා ආයතනය වෙත ඇමතුමක් ලබා දී පැමිණීම තහවුරු කල යුතු අතර විවාහ අපේක්ෂිත පාර්ශවයේ නිවසේ සිට විවාහ අපේක්ෂිතයා සහ විවාහ අපේක්ෂිතයාගේ පවුලේ මව, පියා, සහෝදරයන්, සහෝදරියන් හෝ පවුලේ ලගම ඥාතීන් සමග  ලබා ගත් සමූහ ඡායාරූපයක් whatsapp හරහා 0713179021 දුරකතන අංකය වෙත හෝ පළමු පාර්ශවය එම අවස්ථාවේ ලබා දෙන උපදෙස් මත යොමු කල යුතුය.

03.6 මංගල යෝජනාවක තොරතුරු විමසා බැලීමට විවාහ අපේක්ෂිත පාර්ශවයේ නිවසට යාම සිදු කල යුත්තේ 06.00 පැය සිට 18.00 පැය දක්වා පමණක් වන අතර කුමන හේතුවක් මත හෝ මෙම කාල සීමාව වෙනස් නොකල යුතුය. රාත්‍රියට  විවාහ අපේක්ෂිත පාර්ශවයේ නිවසේ නතර වීම සිදු නොකල යුතුය. වේලාව කළමණාකරණය කර ගැනීම දෙවන පාර්ශවය විසින් සිදු කල යුතුය. මෙම කොන්දේසිය කඩ කරන අවස්ථාවක ඇති වන අතුරු ප්‍රතිඵල සදහා කපු මහත්තයා ආයතනයේ කිසිදු වගකීමක් හෝ මැදිහත්වීමක් නොමැති බව දෙවන පාර්ශවය පිළිගනී.

03.7 කපු මහත්තයා ආයතනය වෙත සෘජුවම ලද මංගල යෝජනාවක විවාහ අපේක්ෂිත පාර්ශවයේ නිවසට ගොස් තොරතුරු සොයා බැලීමට ගමන් වියදම, දුරකතන වියදම් හා ලිපි ද්‍රව්‍ය ගාස්තු ලෙස එක් වරක් පමණක් උපලේඛණය 03 හි සදහන් කොමිස් මුදල හෝ අවම රුපියල් පන්සියයක් (500) ක්ද,  නියෝජිතයෙක්/ නියෝජිත ආයතනයක් හරහා ලැබෙන මංගල යෝජනාවක විවාහ අපේක්ෂිත පාර්ශවයේ නිවසට ගොස් තොරතුරු සොයා බැලීමට ගමන් වියදම, දුරකතන වියදම් හා ලිපි ද්‍රව්‍ය ගාස්තු ලෙස එක් වරක් පමණක් උපලේඛණය 04 හි සදහන් කොමිස් මුදල හෝ අවම රුපියල් පන්සියයක් (500) ක්ද,  කපු මහත්තයා ආයතනය විසින් දෙවන පාර්ශවය වෙත ගෙවීම් කරනු ලැබේ. ඒ පිළිබද අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

03.8 විවාහ අපේක්ෂිත පාර්ශවය විසින් ගමන් වියදම ලෙස අවම රුපියල් දහසක (1000) ක මුදලක් ලබා දීමට විවාහ අපේක්ෂිතයා සමග ගිවිසුම් ගත වන සේවා ගිවිසුමෙහි 11 වගන්තිය යටතේ පැහැදිලිව එකග වී ඇති බැවින් විවාහ අපේක්ෂිත පාර්ශවයෙන් ගමන් වියදම ලබා ගත යුතු බව දෙවන පාර්ශවය පිලිගනී.

03.9 විවාහ අපේක්ෂිත පාර්ශවයේ නිවසට ගොස් තොරතුරු සොයා බැලීමේදී ගමන් වියදම පමණක් ලබා ගත යුතු අතර ඒ සදහා කපු මහත්තයා ආයතනික බිල්පතක් නිකුත් නොකල යුතුය. ගමන් වියදම හැර ආහාර පාන, මුදල්, තෑගි, විවිධ භාණ්ඩ, උපකරණ, දුරකතන සදහා රීලෝඩ්, කාඩ් වැනි කිසිදු වරප්‍රසාදයක් ඉල්ලා සිටීම හෝ එවැනි ඉල්ලීමක් පිළිබද අදහසක් ගම්‍ය වන ආකාරයේ ප්‍රකාශ සිදු  ප්‍රකාශයක් නොකල යුතු අතර එවැනි ඉල්ලීමක් හෝ ඉල්ලීමක් පිළිබද අදහසක් ගම්‍ය වන ආකාරයේ ප්‍රකාශයක් පිළිබද හෝ සේවා ලබා දීම පිළිබද පැමිණිලි වාර්ථා වන්නේ නම් හෝ එවැනි අවස්ථාවක් පිළිබද සාධාරණ හේතු මත විශ්වාස කිරිමට කපු මහත්තයා ආයතනයට කරුණු දැනගැනිමට අවස්ථාව ලද විට සේවා ගුණාත්මක භාවය රැක ගැනීම වෙනුවෙන් පළමු පාර්ශවය විසින් ගනු ලබන තීරණයක‍ට දෙවන පාර්ශවය කොන්දේසි විරහිතව එකග වන අතර ඒ පිළිබද අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

03.10 විවාහ අපේක්ෂිත පාර්ශවයේ නිවසට ගොස් තොරතුරු සොයා බැලීමේදී විවාහ අපේක්ෂිතයා සහ විවාහ අපේක්ෂිතයාගේ පවුලේ මව, පියා, සහෝදරයන්, සහෝදරියන්, පවුලේ ලගම ඥාතීන් සමග තොරතුරු සාකච්ඡා කිරීම සිදු කල යුතු අතර අවශ්‍ය අවස්ථාවක ඔවුගේ අනන්‍යතාව හා තොරතුරු තහවුරු කර ගැනීමට අවශ්‍ය ලේඛණ හොදින් අධ්‍යනය කල යුතු අතර විවාහ අපේක්ෂිත පාර්ශවය විසින් අවශ්‍ය පරිදි අවස්ථානුකූලව පදිංචිය සනාථ කිරීම, අනන්‍යතාව ඔප්පු කිරීමට අදාල ලේඛණ, රැකියාවට අදාල ලේඛණ, ආදායම් තොරතුරු, දික්කසාද ලේඛණ, උපත් සහතික, මරණ සහතික වැනි කපු මහත්තයා ආයතනය තෘප්තිමත් වන ප්‍රමාණයට කරුණු ඔප්පු කල හැකි ලේඛණ ඉදිරිපත් කිරීමට විවාහ අපේක්ෂිතයා සමග ගිවිසුම් ගත වන සේවා ගිවිසුමෙහි 03 වගන්තිය යටතේ එකගවී ඇත.

03.11 විවාහ අපේක්ෂිත පාර්ශවයේ නිවසට ගොස් තොරතුරු සොයා බැලීමේදී විවාහ අපේක්ෂිත පාර්ශවය විසින් ලබා දෙන ආහාර, මත්පැන්, දුම් වැටි, බුලත්විට කිසිදු අවස්ථාවක පිළි නොගත යුතුය. කපු මහත්තයා ආයතනික නියෝජිතයෙකු ලෙස ආයතනික විනය, ගරුත්වය ආරක්ෂා කිරීමට අවධාරණයෙන් කටයුතු කල යුතු අතර අනවශ්‍ය බැදීම් තුලින් ආයතනික මෙහෙයුම් ක්‍රියාවලියට බාධාවක් ඇති වන අවස්ථාවක් පිළිබද සාධාරණ හේතු මත විශ්වාස කිරිමට කපු මහත්තයා ආයතනයට කරුණු දැනගැනිමට අවස්ථාව ලද විට පළමු පාර්ශවය විසින් ගනු ලබන තීරණයක‍ට දෙවන පාර්ශවය කොන්දේසි විරහිතව එකග වන බවත් ඒ පිළිබද අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

03.12 ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවය විසින් භාර ගනු ලබන මංගල යෝජනාවක හෝ පළමු පාර්ශවය විසින් භාර දෙනු ලබන මංගල යෝජනාවක හෝ නියෝජිතයකු හරහා ලැබෙන මංගල යෝජනාවක තොරතුරු විමසා බැලීමට යන විවාහ අපේක්ෂිත පාර්ශවයේ මංගල යෝජනාවෙහි වගකීම දෙවන පාර්ශවය විසින් දරන අතර එම යෝජනා සදහා පෞද්ගලිකව මංගල යෝජනා සෙවිය යුතුය. විවාහ අපේක්ෂිත පාර්ශවය විවාහ ගිවිස ගන්නා තුරු අවම දින 30 කට වරක් දුරකතනයෙන් සම්බන්ධ වී පසු විපරම සිදු කල යුතුය. මෙම කොන්දේසිය ඉටු නොවන බවට වාර්ථා වන්නේ නම් හෝ එවැනි අවස්ථාවක් පිළිබද සාධාරණ හේතු මත විශ්වාස කිරිමට කපු මහත්තයා ආයතනයට කරුණු දැනගැනිමට අවස්ථාව ලද විට සේවා ගුණාත්මක භාවය රැක ගැනීම වෙනුවෙන් පළමු පාර්ශවය විසින් ගනු ලබන තීරණයක‍ට දෙවන පාර්ශවය කොන්දේසි විරහිතව එකග වන බවත් ඒ පිළිබද අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

03.13 ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවය විසින් භාර ගනු ලබන මංගල යෝජනාවක් සදහා හෝ පළමු පාර්ශවය විසින් භාර දෙනු ලබන මංගල යෝජනාවක් සදහා හෝ නියෝජිතයකු හරහා ලැබෙන මංගල යෝජනාවක් සදහා හෝ තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාල විවාහ අපේක්ෂිත පාර්ශවය සමග ගැලපිය හැකි සුදුසු මංගල යෝජනාවක් තිබේ නම් කිසිදු අවස්ථාවක විවාහ අපේක්ෂිතයන් වෙත සෘජු දුරකතන සබදතා ලබා දීමක් සිදු නොකල යුතුය. එවැනි ගැලපීමක් සිදු කිරීමට සුදුසු මංගල යෝජනාවක් තිබෙන්නේ නම් කපු මහත්තයා ආයතනය වෙත අදාල මංගල යෝජනාව මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව යොමු කිරීමෙන් අනතුරුව කපු මහත්තයා ආයතනය විසින් හෝ කපු මහත්තයා ආයතනය විසින් දෙවන පාර්ශවය වෙත එම අවස්ථාවේ ලබා දෙන උපදෙස් මත අදාල විවාහ අපේක්ෂිතයා වෙත මංගල යෝජනාවට අදාල තොරතුරු ලබා දී දෙපාර්ශවය එකග වන්නේ නම් පමණක්  අදාල පාර්ශවයන් සම්බන්ධ කල යුතුය. හැකි සෑම අවස්ථාවකදීම විවාහ අපේක්ෂිත පාර්ශවය මංගල යෝජනා අයදුම්පතෙහි සදහන් කර ඇති තොරතුරු මත විවාහ අපේක්ෂිතයා තෘප්තිමත් වන මංගල යෝජනා දෙවන පාර්ශවය විසින් ලබා දීමට උත්සහ කල යුතුය.

03.14 කුමන කරුණක් සදහා හෝ කපු මහත්තයා ආයතනය වෙත පෙර දැනුවත් කිරිමක් නොකර නිසි අවසරයකින් තොරව කිසිදු විවාහ අපේක්ෂිත පාර්ශවයක් හමුවීමට දෙවරක් නොයා යුතුය. තොරතුරු සොයා බැලීමට ගිය විවාහ අපේක්ෂිත පාර්ශවයක නිවසට නැවත වරක් යා යුත්තේ විවාහයට සුදුසු පාර්ශවයක් කපු මහත්තයා ආයතනය හරහා හදුන්වා දී තොරතුරු සාකච්ඡා කිරිමට අවස්ථාව සලසා දීමෙන් අනතුරුව අදාල විවාහ අපේක්ෂිත පාර්ශවයේ එකගතාව මත පැමිණෙන ලෙස දෙවන පාර්ශවයට කපු මහත්තයා ආයතනය හෝ විවාහ අපේක්ෂිත පාර්ශවය දැනුම් දුන් අවස්ථාවක පමණක් වන අතර එහිදී මෙම  ගිවිසුමේ 03.4, 03.5, 03.6, 03.8, යන වගන්ති අදාල කර ගත යුතුය.

03.15 ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවය විසින් භාර ගනු ලබන මංගල යෝජනා හෝ පළමු පාර්ශවය විසින් භාර දෙනු ලබන මංගල යෝජනා හෝ නියෝජිතයකු හරහා ලැබෙන සියලු මංගල යෝජනා පිළිබද තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි පරිදි ලේඛණයක සටහන් කල යුතුය. මෙම ලේඛණය තුල කපු මහත්තයා ආයතනික මෙහෙයුම් ක්‍රියාවලියට ඇතුලත් කල මංගල යෝජනා පමණක් තිබිය යුතු අතර මංගල යෝජනාවන් හී තොරතුරු පළමු පාර්ශවය විසින් දෙවන පාර්ශවය වෙත අවස්ථානුකූලව ලබා දෙනු ලැබේ.

03.16 මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවය විසින් භාර ගනු ලබන මංගල යෝජනාවක හෝ පළමු පාර්ශවය විසින් භාර දෙනු ලබන මංගල යෝජනාවක හෝ නියෝජිතයකු හරහා ලැබෙන මංගල යෝජනාවක තොරතුරු වල ආරක්ෂාව, අදාල විවාහ අපේක්ෂිතයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට දෙවන පාර්ශවය බැදී සිටී. කපු මහත්තයා ආයතනික මෙහෙයුම් ක්‍රියාවලිය හරහා පමණක් මංගල යෝජනාවන් හී තොරතුරු සංනිවේදනය විය යුතුය. මෙම කොන්දේසිය කඩ කරන අවස්ථාවක ඇති වන අතුරු ප්‍රතිඵල සදහා කපු මහත්තයා ආයතනයේ කිසිදු වගකීමක් හෝ මැදිහත්වීමක් නොමැති අතර එවැනි අවස්ථාවක් පිළිබද සාධාරණ හේතු මත විශ්වාස කිරිමට කපු මහත්තයා ආයතනයට කරුණු දැනගැනිමට අවස්ථාව ලද විට සේවා ගුණාත්මක භාවය රැක ගැනීම වෙනුවෙන් පළමු පාර්ශවය විසින් ගනු ලබන තීරණයක‍ට දෙවන පාර්ශවය කොන්දේසි විරහිතව එකග වන බවත් ඒ පිළිබද අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

03.17 දෙවන පාර්ශවය විසින් පෞද්ගලිකව භාර ගනු ලබන මංගල යෝජනා කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය තුලට අන්තර්ග්‍රහනය කිරීම අනිවාර්ය නැත. අවශ්‍ය පරිදි පෞද්ගලිකව මංගල යෝජනා භාර ගැනීම, මංගල යෝජනා වලට අදාල කටයුතු අවසන් කිරීමට පූර්ණ හිමිකම ඇත.  එහිදී මුහුණ දීමට සිදු වන පෞද්ගලික ගැටලු සහ සේවා ගාස්තුව (කපු ගාස්තුව) නොලැබීමේ සිදුවීම් සදහා පළමු පාර්ශවයේ මැදිහත්වීමක් සිදු නොවන බව දෙවන පාර්ශවය පිළිගනී.

 03.18 මෙම ගිවිසුමේ 03.17 වගන්තියට යටත්ව මංගල යෝජනා භාර ගැනීමේ දී පළමු පාර්ශවය සතු දේපල වන, කපු මහත්තයා ආයතනික නාමය, ආයතනික හැදුනුම්පත, මුදල් භාර ගැනීමේ ලදුපත, විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම් පත්‍රය, මංගල යෝජනා අයදුම් පත්‍රය, කපු මහත්තයා Facebook පි‍ටුව, www.kapumahaththaya.com වෙබ් අඩවිය, kapumahaththaya ජංගම දුරකතන යෙදවුම වැනි කපු මහත්තයා ආයතනය සතු කිසිදු දේපලක් පෙන්වා කපු මහත්තයා ආයතනයේ සේවය කරන බව විවාහ අපේක්ෂිතයාට හගවා මංගල යෝජනාව පෞද්ගලිකව භාර ගැනීම තහනම් වනු ඇත.

03.19 පළමු පාර්ශවය සතු දේපල වන, කපු මහත්තයා ආයතනික නාමය, ආයතනික හැදුනුම්පත, මුදල් භාර ගැනීමේ ලදුපත, විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම් පත්‍රය, මංගල යෝජනා අයදුම් පත්‍රය, කපු මහත්තයා facebook පි‍ටුව, www.kapumahaththaya.com වෙබ් අඩවිය, kapumahaththaya app (ජංගම දුරකතන යෙදවුම) වැනි කපු මහත්තයා ආයතනය සතු දේපල පෙන්වා කපු මහත්තයා ආයතනයේ සේවය කරන බව විවාහ අපේක්ෂිතයාට හගවා භාර ගනු ලබන මංගල යෝජනා කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය වෙත ඇතුලත්  නොකිරීමෙන් විවාහ අපේක්ෂිත පාර්ශවයේ විශ්වසනීයත්වය පළුදු කිරීම හා ආයතනික කීර්ති නාමය, ආයතනික විශ්වසනීයත්වය පළුදු වන ආකාරයේ ක්‍රියා සිදු කිරිම හෝ එලෙස සිදු කිරීමට අනුබල දීමෙන්  මුදල් වංචා කිරීම පිළිබද කපු මහත්තයා ආයතනය වෙත පැමිණිලි වාර්ථා වුවහොත් හෝ එවැනි අවස්ථාවක් පිළිබද සාධාරණ හේතු මත විශ්වාස කිරිමට කපු මහත්තයා ආයතනයට කරුණු දැනගැනිමට අවස්ථාව ලද විට සේවා ගුණාත්මක භාවය රැක ගැනීම වෙනුවෙන් පළමු පාර්ශවය විසින් ගනු ලබන තීරණයක‍ට දෙවන පාර්ශවය කොන්දේසි විරහිතව එකග වන බවත් ඒ පිළිබද අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

03.20 මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවය විසින් භාර ගනු ලබන මංගල යෝජනාවක් හෝ පළමු පාර්ශවය විසින් භාර ගනු ලබන මංගල යෝජනාවක් හෝ නියෝජිතයකු හරහා ලැබෙන මංගල යෝජනාවක් කපු මහත්තයා ආයතනික facebook පිටුව හරහා www.kapumahaththaya.com වෙබ් අඩවිය හරහා kapumahaththaya app (ජංගම දුරකතන යෙදවුම) හරහා,  පුලුල් ප්‍රචාරයක් ලබා දීමේ අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

 03.21 කපු මහත්තයා ආයතනය සමග ලියාපදිංචි වූ  විවාහ අපේක්ෂිත පාර්ශවයන් වෙත විවාහ උත්සවයට අවශ්‍ය වන  සියලු මංගල උත්සව සේවා කටයුතු කපු මහත්තයා ආයතනය සමග සේවා ගිවිසුමක් යටතේ ලියාපදිංචි වූ ආයතන හරහා වට්ටමක් සහිතව ලබා දීමට කටයුතු කරන අතර ඒ පිළිබද අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

03.22 විවාහ සැලසුම් උපදේශන සේවාව, මනාලියන් හැඩගැන්වීම, මනාලයන් හැඩගැන්වීම, ඡායාරූපකරණය, මංගල ඡායාරූප රූ ගත කිරීම් ස්ථාන, මනාලියන්ගේ ඇඳුම්, මනාලයන්ගේ ඇඳුම්, රන් ආභරණ, නර්ථන හා බෙර කණ්ඩායම්, මංගල රථ/ කුලී රථ, විදුලි ආලෝක සැපයීම, මධුසමය චාරිකා සහ පැකේජ, හෝටල් සහ උත්සව ශාලා, DJ සහ සංගීත කණ්ඩායම, අෂ්ඨක/මගුල් පෝරුව/තොරණ/සැරසිලි, කේක්,  මංගල ආරාධනා පත්‍,  මංගල තෑගි ස්ථාන, ගෘහ භාණ්ඩ සහ දෑවැද්ද පැකේජ, ආහාර සැපයුම් සේවා, ජ්‍යොතිෂ සේවය, විවාහ රෙජිස්ට්‍රාර්වරු, පවුල් උපදේශන සේවාව ආදී විවාහ උත්සව සදහා සේවා සපයන ආයතන හෝ පුද්ගලයන් කපු මහත්තයා ආයතනය සමග සේවා ගිවිසුමක් යටතේ හෝ මංගල උත්සව සදහා සේවා සපයන ආයතන සදහා ප්‍රචාරණ මාධ්‍යක් ලෙස කපු මහත්තයා facebook පිටුව හා/හෝ www.kapumahaththaya.com වෙබ් අඩවිය සමග සම්බන්ධ වීමට හදුන්වා දීමේ හැකියාව දෙවන පාර්ශවයට ඇත. එම ආයතන හෝ පුද්ගලයන්ගේ සේවා පිළිබද තොරතුරු කපු මහත්තයා facebook පිටුව තුල හා/හෝ www.kapumahaththaya.com වෙබ් අඩවියට තුල ඇතුලත් කරනු ලැබේ. සේවා ගිවිසුමක් යටතේ සම්බන්ධ වන මංගල උත්සව සදහා සේවා සපයන ආයතන හෝ පුද්ගලයන් වෙත කපු මහත්තයා ආයතනය හරහා විවාහ ගිවිස ගන්නා පාර්ශවයන්ගේ විවාහ උත්සව සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට අවස්ථාව ලබා දීමට විවාහ අපේක්ෂිතයා හදුන්වා දෙන අතර මංගල උත්සව සදහා සේවා සපයන ආයතනය තෝරා ගැනීමේ පූර්ණ අයිතිය විවාහ අපේක්ෂිතයා සතුවෙයි. එම ආයතන හෝ පුද්ගලයන්ගෙන් මංගල උත්සවයක සේවා සැපයීමට සම්බන්ධ කිරිමට හදුන්වා දීම වෙනුවෙන් සදහා කපු මහත්තයා ආයතනය මංගල උත්සව සදහා සේවා සපයන ආයතන හෝ පුද්ගලයන්ගෙන් කොමිස් මුදලක් අය කරන අතර එම කොමිස් මුදල කපු මහත්තයා ආයතනය, මංගල උත්සව සදහා සේවා සපයන ආයතනය හෝ පුද්ගලයා හදුන්වා දුන් නියෝජිත කපු මහතා සහ කපු මහත්තයා ආයතනය සමග ලියාපදිංචි වූ  විවාහ අපේක්ෂිත පාර්ශවය අතර බෙදනු ලැබේ. ඒ පිළිබද අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

03.23 කපු මහත්තයා ආයතනය ලංකාව පුරා විහිදුනු වෘත්තීය කපු මහත්වරු හරහා මංගල යෝජනා සදහා ගැලපීම් සිදු කරන අතරම ඉඩම්, නිවාස, වාහන මිල දී ගැනීමට සහ විකිණීමට අවශ්‍ය පුද්ගලයන් සදහා හෝ අවස්ථානුකූලව තැරැව් සේවාවද සිදු කිරීමට දෙවන පාර්ශවයට අවස්ථාව ඇත. එලෙස භාර ගනු ලබන සේවාවන් සදහා ප්‍රචාරණ මාධ්‍යක් ලෙස  www.kapumahaththaya.com වෙබ් අඩවිය භාවිතා කර පුළුල් ප්‍රචාරණයක් ලබා දීමත්, කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය හරහා සිදුවන මිලදී ගැනීම් සහ විකිනීම් සදහා කොමිස් මුදලක් අය කිරිමත්, අය කරන කොමිස් මුදල කපු මහත්තයා ආයතනය, නියෝජිත කපු මහතා සහ ඊට සම්බන්ධ‍ වන කපු මහත්තයා ආයතනය සමග ලියාපදිංචි වූ පාර්ශවයන් අතර බෙදනු ලැබේ. ඒ පිළිබද අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

 03.24 මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවය විසින් එක් මසකට අවම යෝජනා දෙකක්  (02)  කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය තුල ලියාපදිංචි කල යුතුය.

03.25 මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව මංගල යෝජනා භාර ගෙන කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතියට ඇතුලත් කරන නියෝජිත කපු මහත්වරුන් වෙත ඇතුලත් කරන ලද වැඩිම මංගල යෝජනා ප්‍රමාණය හා/හෝ විවාහ අපේක්ෂිත පාර්ශවය සමග ගිවිසුම් ගත සේවා ගාස්තු අය කර සාර්ථක විවාහ ගිවිස ගැනිමකින් වැඩිම මංගල යෝජනා ප්‍රමාණයක් අවසන් කරන නියෝජිත කපු මහතුන් වෙත දක්ෂතම කපු මහතා තේරීම වැනි තරග සංවිධානය කරනු ලැබේ. සියලු නියෝජිත කපු මහතුන් වෙත පුහුණු වැඩමුළු පැවැත්වීම වැනි කපු මහත්වරුන්ගේ සුබ සාධනය සදහා වැඩසටහන් සංවිධානය කරන අතර පුහුණු වැඩමුළු සදහා පැමිණීම අනිවාර්ය වේ. පුහුණු වැඩමුළු ඇතුළු තරග සංවිධානය පිළිබද අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

 03.26 දෙවන පාර්ශවය විසින් මෙම සේවා ගිවිසුම අත්සන් කරන දිනය දක්වා පෞද්ගලිකව භාර ගෙන ඇති මංගල යෝජනා කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතියට ඇතුලත් කිරීමේ සහන කාලය ගිවිසුම් ගතවූ දින සිට  මාස එකකි (01). එම කාල සීමාව තුල දෙවන පාර්ශවය සතු මංගල යෝජනා සියල්ල කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය වෙත විවාහ අපේක්ෂිත පාර්ශවය සමග සේවා ගිවිසුම අත්සන් කර යොමු කිරීමට අවස්ථාව ඇත. මුදල් භාර ගැනීමේ ලදු පත, මංගල යෝජනා අයදුම්පත, විවාහ අපේක්ෂිත පාර්ශවය  සමග එළඹෙන සේවා ගිවිසුම ඇතුළු මුලික පිරිවැය ලෙස රුපියල් — (***) මුදලක් අය කර විවාහ අපේක්ෂිත පාර්ශවයට මුදල් භාර ගැනීමේ ලදු පත නිකුත් කර කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය වෙත එම මංගල යෝජනා යොමු කල යුතුය. මෙම මංගල යෝජනා කපු මහත්තයා මෙහෙයුම් පද්දතිය වෙත ඇතුලත් කිරීමේදී දෙවන පාර්ශවය විසින් මංගල යෝජනාවක් භාර ගෙන කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතියට ඇතුලත් කිරිමේදී උපලේඛණය 05 හි සදහන් කොමිස් මුදල සදහා හිමිකමක් නැති බව  දෙවන පාර්ශවය පිලිගනී.

03.27 මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව උපලේඛණය 01 හි සදහන් සේවා ගාස්තු අය කර දෙවන පාර්ශවය විසින් භාර ගනු ලබන මංගල යෝජනා සදහා මුදල් භාර ගැනීමේ කුවිතාන්සියක් නිකුත් කල යුතුය.  භාර ගන්නා මුදලින්  දෙවන පාර්ශවයට හිමි උපලේඛණය 05 හි සදහන් කොමිස් මුදල අඩු කර මංගල යෝජනාවක මෙහෙයුම් පිරිවැය හා සේවා ගාස්තු ආර්.එම්.ජේ.එස් රත්නායක නමින් ගිණුම් අංක 8******3 දරණ ලංකා බැංකුවේ  ගල්අමුණ  ශාඛාව වෙත හෝ තැපැල් මගින් නම් මුදල් ඇනවුමක් ලෙස මුදල් ලබන අය ආර්.එම්.ජේ.එස් රත්නායක, ගෙවන කාර්යාලය හිගුරක්ගොඩ ලෙස සදහන් කර ගෙවීම් කල යුතුය. ගෙවීම් තොරතුරු ඇතුලත් රිසිට් පත කපු මහත්තයා ආයතනය වෙත විවාහ අපේක්ෂිතයාගේ මංගල යෝජනා අයදුම්පත, සේවා ගිවිසුම සහ විවාහ අපේක්ෂිතයාගේ මුදල් භාර ගැනීමේදී නිකුත් කල මුදල් භාර ගැනීමේ කුවිතාන්සියේ තුන් වන පිටපත සමග ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝස්ට් මගින් කපු මහත්තයා ආයතනය වෙත යොමු කල යුතුය.

03.28 මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවය විසින් භාර ගනු ලබන මංගල යෝජනාවක් කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතියට ඇතුලත් කිරීමේදී මංගල යෝජනාවට අදාල විවාහ අපේක්ෂිත පාර්ශවයේ නිවසට ගොස් තොරතුරු සොයා බැලීමට ගමන් වියදම, දුරකතන වියදම් හා ලිපි ද්‍රව්‍ය ගාස්තු ලෙස එක් වරක් පමණක් උපලේඛණය 05 හි සදහන් කොමිස් මුදල කපු මහත්තයා ආයතනය විසින් දෙවන පාර්ශවය වෙත ලබා දෙන අතර කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය අවසාන තීරණය බව දෙවන පාර්ශවය පිළිගනී.

03.29 කපු මහත්තයා ආයතනය විසින් සෘජුවම ලියාපදිංචි ගාස්තු අය කර භාර ගත් මංගල යෝජනාවක් සදහා දෙවන පාර්ශවය විසින් මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව භාර ගත් මංගල යෝජනාවක් සමග සම්බන්ධ කර එකී දෙපාර්ශවය විවාහ ගිවිස ගැනීමේ දී කපු මහත්තයා ආයතනය නියෝජනය කරන පාර්ශවයෙන් අය කරනු ලබන සේවා ගාස්තුවෙන් උපලේඛණය 06 හි සදහන් කොමිස් මුදල මංගල යෝජනාව සම්බන්ධ කල කපු මහතාට ගෙවීම් කරන අතර කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය අවසාන තීරණය බව දෙවන පාර්ශවය පිළිගනී.

03.30 නියෝජිතයෙක්/ නියෝජිත ආයතනයක් විසින් උපලේඛණය 01 හි සදහන් ලියාපදිංචි ගාස්තු අය කර කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය වෙත ඇතුලත් කරන ලද මංගල යෝජනාවක් සදහා දෙවන පාර්ශවය විසින් මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව භාර ගත් මංගල යෝජනාවක් හෝ කපු මහත්තයා ආයතනය වෙත සෘජුවම ලද මංගල යෝජනාවක් මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව සම්බන්ධ කර එකී දෙපාර්ශවය විවාහ ගිවිස ගැනීමේ දී  නියෝජිතයා/ නියෝජිත ආයතනය නියෝජනය කරන විවාහ අපේක්ෂිත පාර්ශවයෙන් අය කරනු ලබන සේවා ගාස්තුවෙන් සහ/හෝ කපු මහත්තයා ආයතනය නියෝජනය කරන විවාහ අපේක්ෂිත පාර්ශවයෙන් අය කරනු ලබන සේවා ගාස්තුවෙන් උපලේඛණය 07 හි සදහන් කොමිස් මුදල මංගල යෝජනාව සම්බන්ධව කටයුතු කල කපු මහතාට ගෙවීම් කරන අතර කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය අවසාන තීරණය බව දෙවන පාර්ශවය පිළිගනී.

03.31  මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවය විසින් භාර ගත් මංගල යෝජනාවක් කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතියට ඇතුලත් කර විවාහ යෝජනා ගැලපීමේදී කපු මහත්තයා ආයතනයට සෘජුවම ලද මංගල යෝජනාවක් අදාල මංගල යෝජනාව සදහා ලබා දීමට නොමැති අවස්ථාවක, මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව තවත් නියෝජිත කපු මහතෙකු ලබා දුන් මංගල යෝජනාවක් සමග හෝ එකී මංගල යෝජනාව භාර ගත් නියෝජිත කපු මහතාගේම හෝ මංගල යෝජනාවක් සමග ගැලපීමේ හැකියාව පවතින්නේ නම් (අදාල නියෝජිත කපු මහතා ගැලපීම් කරනු ලබන මංගල යෝජනාව ආයතනික මෙහෙයුම් පද්දතියට ඇතුලත් කර දින 21 ක් ඉක්මවූ), එම යෝජනා සම්බන්ධ කර, එකී පාර්ශවයන් විවාහ ගිවිස ගන්නා අවස්ථාවේ, විවාහ අපේක්ෂිත පාර්ශවය විසින් නියෝජිත කපු මහතාට සේවා ගාස්තු ලබා දීමේදී එම සේවා ගාස්තුවෙන් උපලේඛණය 08 හි සදහන් කොමිස් මුදල ආයතනික මෙහෙයුම් ක්‍රියාවලියට, කපු මහත්වරුන්ගේ සුබසාධනය සහ  ව්‍යාපාරය පුළුල් කිරිම වෙනුවෙන් කපු මහත්තයා ආයතනය අය කරන අතර කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය අවසාන තීරණය බව දෙවන පාර්ශවය පිළිගනී.

 03.32 දෙවන පාර්ශවය විසින් පෞද්ගලිකව භාර ගනු ලබන මංගල යෝජනා කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය තුලට අන්තර්ග්‍රහනය කිරීම අනිවාර්ය නැති බවත් අවශ්‍ය පරිදි පෞද්ගලිකව මංගල යෝජනා භාර ගැනීම, මංගල යෝජනා වලට අදාල කටයුතු අවසන් කිරීමට පූර්ණ හිමිකම ඇති බවත් මෙම ගිවිසුමේ 03.17 වගන්තිය යටතේ පැහැදිලිව සදහන් කර ඇත. නියෝජිත කපු මහතෙකු මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව ලබා දී නොමැති මංගල යෝජනාවක් සමග මෙම ගිවිසුමේ උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය වෙත ලබා දුන් නියෝජිත කපු මහතෙකුගේ මංගල යෝජනාවක් සමග හෝ කපු මහත්තයා ආයතනය වෙත සෘජුවම ලද මංගල යෝජනාවක් සමග හෝ නියෝජිතයෙක්/ නියෝජිත ආයතනයක් හරහා ලද මංගල යෝජනාවක් සමග හෝ සම්බන්ධ කිරීමට අවශ්‍ය නම් එම මංගල යෝජනාව කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතියට අන්තර්ග්‍රහණය කර ගැනීම සදහා උප ලේඛණය 02 හි සදහන් ගාස්තු අය කර මංගල යෝජනාවට අදාල ලේඛණ සහ මෙහෙයුම් පිරිවැය කපු මහත්තයා ආයතනය වෙත යොමු කල යුතුය. එම මංගල යෝජනාව මෙහෙයුම් පද්දතියට අන්තර් ග්‍රහනය කිරිමේදී මෙහෙයුම් පිරිවැය පමණක් අය කරන බැවින් උපලේඛණය 05 හි සදහන් ගාස්තු සදහා දෙවන පාර්ශවයට හිමිකමක් නොමැත. එම මංගල යෝජනාව හිමි පාර්ශවය විවාහ ගිවිසගන්නා අවස්ථාවේ නියෝජිත කපු මහතා වෙත සේවා ගාස්තු ලබා දීමේදී එම සේවා ගාස්තුවෙන් උප ලේඛණය 09 හි සදහන් කොමිස් මුදල ආයතනික මෙහෙයුම් ක්‍රියාවලියට, කපු මහත්වරුන්ගේ සුබසාධනය සහ  ව්‍යාපාරය පුළුල් කිරිම වෙනුවෙන් කපු මහත්තයා ආයතනය අය කරන අතර උප ලේඛණය 06 සහ උප ලේඛණය 07 හි සදහන් කොමිස් මුදල සදහා දෙවන පාර්ශවයට හිමිකමක් නොමැති අතර කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය අවසාන තීරණය බව දෙවන පාර්ශවය පිළිගනී.

03.33 මෙම සේවාව මානුෂිය හැගීම් සමග සිදු කරන සංවේදී ගනුදෙනුවකි. විවාහ අපේක්ෂිත පාර්ශවයට විවාහයට සුදුසු සහකරුවෙකු/ සහකාරියක සෙවීමේ මෙහෙයුම් ක්‍රියාවලිය විවාහ ගිවිස ගන්නා තෙක් අඛණ්ඩව පළමු දෙවන පාර්ශවය විසින් සිදු කල යුතුය. මේ සදහා වැය වන කාලය පිළිබද පුරෝකථනය කල නොහැක. මෙම සේවාව කපු මහතුන් හරහා සිදු කරන බැවින් මේ පිළිබද ඉතා හොද අව‍බෝධයක් දෙවන පාර්ශවයට තිබිය යුතුය. පළමු පාර්ශවය හා දෙවන පාර්ශවය ලබා දෙන මංගල යෝජනා පිළිබද තෘප්තිමත්භාවයේ සීමාව විවාහ අපේක්ෂිත පාර්ශවය විසින් තීරණය කරනු ඇත. විවාහ අපේක්ෂිත පාර්ශවය වෙත විවාහයට සුදුසු සහකරුවෙක්/සහකාරියක් හදුන්වා දීම පමණක් සිදු කරන අතර වැඩි දුර තොරතුරු සොයා බැලීම විවාහ අපේක්ෂිත පාර්ශවයේ වගකීමකි.

03.34 කිසිදු අවස්ථාවක දෙවන පාර්ශවය විසින් මංගල යෝජනාවකට කැමැත්ත ලබා දීමට අනුබල දීමක් හෝ බලපෑම් කිරිමක් සිදු නොකල යුතුය. විවාහ අපේක්ෂිත පාර්ශවයට එවැනි ඉල්ලීමකට හිමිකමක් නොමැති බව විවාහ අපේක්ෂිත පාර්ශවය සමග එළඹෙන සේවා ගිවිසුමෙහි 07 වගන්තිය යටතේ එකගවී ඇත. විවාහ අපේක්ෂිත පාර්ශවය වෙත කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය හරහා හදුන්වා දෙනු ලබන පාර්ශවය සමග අදහස් ගැලපේදැයි දැන ගැනීමට හදුන්වා දෙන සහකරු/සහකාරිය සමග උපරිම මාස 03 ක කාලයක් අදහස් හුවමාරු කර ගැනීමට පමණක් අවස්ථාව ලබා දෙනු ලැබේ. එම කාල සිමාව තුල අනවශ්‍ය ගැටුම්/සමීප සබදතා /මුදල් ගනුදෙනු වැනි කටයුතු සිදු කිරීම ඔවුනොවුන්ගේ අභිමතය පරිදි සිදු කර ගත හැකි වුවද එහි වගකීමක් හෝ ඒවායෙහි අතුරු ප්‍රතිඵල සදහා පළමු හා දෙවන පාර්ශවය කිසිදු බැදීමක් නැති බව විවාහ අපේක්ෂිත පාර්ශවයට පැහැදිලි කල යුතුය.

 03.35 විවාහ අපේක්ෂිත පාර්ශවය වෙත විවාහයට සුදුසු පාර්ශවයක් හදුන්වා දී අදහස් හුවමාරු කර ගැනීමට  උපරිම මාස 03 ක කාලයක් ලබා දී එම කාල සීමාව තුල දෙපාර්ශවය විවාහ වීමට තීරණය කලත් විවාහ ගිවිස ගැනීමට එම කාල සීමාව ප්‍රමාණවත් නොවන බව හෝ  මාස තුනක කාලය දෙපාර්ශවය හදුනා ගැනීමට ප්‍රමාණවත් නොවන බව විවාහ අපේක්ෂිත පාර්ශවය දෙවන පාර්ශවය වෙත දන්වන්නේ ඉදිරි කටයුතු සදහා කපු මහත්තයා ආයතනය වෙත වහා දැන්විය යුතුය. එවැනි අවස්ථාවක කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය අවසාන තීරණය බව දෙවන පාර්ශවය පිළිගනී.

03.36 මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවය විසින් භාර ගත් මංගල යෝජනාවක හෝ පළමු පාර්ශවය විසින් භාර දෙනු ලබන මංගල යෝජනාවක හෝ නියෝජිතයකු/ නියෝජිත ආයතනයක් හරහා ලැබූ මංගල යෝජනාවක හෝ විවාහ ගිවිස ගන්නා අවස්ථාවේ විවාහ අපේක්ෂිතයා සමග එළඹෙන සේවා ගිවිසුමෙහි ගිවිසුම් ගතවූ සේවා ගාස්තුව ලබා නොදීම හෝ නීත්‍යානුකූල ක්‍රමවේදයකට එළඹීමේ අවස්ථාවක් පිළිබද සාධාරණ හේතු මත විශ්වාස කිරිමට කපු මහත්තයා ආයතනයට කරුණු දැනගැනිමට අවස්ථාව ලද විට නීති ක්‍රියාමාර්ගයට එළඹීම සදහා අවශ්‍ය අවස්ථාවක පොලිසියෙහි පැමිණිලි සටහන් කිරීම හා/හෝ නීතිඥ සහය ලබා ගැනීම සදහා දෙවන පාර්ශවය එකග වන බවත් කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය අවසාන තීරණය බව දෙවන පාර්ශවය පිළිගනී.

03.37 දෙවන පාර්ශවය වෙත මෙම ගිවිසුම අවසන් කිරිමට අවශ්‍ය අවස්ථාවක ගිවිසුම අවසන් කිරීමට අවශ්‍ය දිනට දින 30 කට පෙර කපු මහත්තයා ආයතනය වෙත ලියාපදිංචි තැපෑලෙන් මෙම ගිවිසුම අවසන් කිරිමට අවශ්‍ය බව සදහන් ඉල්ලීම් ලිපිය යොමු කල යුතුය. එම ඉල්ලීම් ලිපිය කපු මහත්තයා ආයතනය වෙත ලැබීමෙන් පසු කපු මහත්තයා ආයතනය එම ලිපිය පිලිගැනීමෙන් අනතුරුව ගිවිසුම අවසන් කරනු ඇත.

 03.38 මෙම ගිවිසුම යටතේ දෙවන පාර්ශවය එකගවී ඇති කුමන හෝ නියමයක් උල්ලංඝනය කරන ඕනෑම අවස්ථාවක සහ එම උල්ලංඝනය කිරිම පිළිබද පළමු පාර්ශවය විසින් දැන්වීමක් කල පසු දැන්වීමේ කාලය දීර්ඝ නොකරයි නම් දින 14 ක් තුල එම කඩ කිරීම යථා තත්වයට පත් කල යුතු අතර, එසේ නොකරන්නේ පළමු පාර්ශවයට මෙම ගිවිසුම අවසාන කල හැකි බව දෙවන පාර්ශවය පිළිගනී.

03.39 මෙම ගිවිසුම අවසන් කිරිමේදී දෙවන පාර්ශවය වෙත මංගල යෝජනා භාර ගැනීමට කපු මහත්තයා ආයතනය විසින් ලබා දී ඇති මුදල් භාර ගැනීමේ ලදුපත, මංගල යෝජනා අයදුම්පත, විවාහ අපේක්ෂිත පාර්ශවය සමග එළඹෙන සේවා ගිවිසුම ලැබුම් හැගුම් සහිතව කපු මහත්තයා ආයතනය වෙත ලබා දිය යුතුය. ගිවිසුම අවසන් කරන අවස්ථාව වන විට දෙවන පාර්ශවය මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව භාර ගත් මංගල යෝජනා සදහා නිකුත් කල මුදල් භාර ගැනීමේ කුවිතාන්සි සහ ඒ සදහා ආදල ලේඛණ පරීක්ෂා කිරීමට කපු මහත්තයා ආයතන කළමණාකරු විසින් යොමු කරන නිළධාරියා වෙත අදාල ලේඛණ පරික්ෂා කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට දෙවන පාර්ශවය එකග වේ. ගිවිසුම අවසන් කරන අවස්ථාවේදී මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව භාර ගත් මංගල යෝජනා පිළිබද ඉදිරි කටයුතු සදහා වෙනත් නියෝජිත කපු මහතෙකු වෙත යොමු කරනු ලැබේ.

03.40 මෙම සේවය සදහා වන ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරිමේදී කොමිස් මුදල් සදහා හෝ තරග සදහා ඉදිරිපත් විම, ත්‍යාග හෝ පුහුණු වැඩමුළු සදහා ඉදිරිපත් විමට හිමිකමක් නැති බව දෙවන පාර්ශවය පිළිගනී.

03.41 මෙම ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුමේ 03.37,03.38,03.39 වගන්ති වලට යටත්ව ගිවිසුම අවසන් කිරිමේදී දෙවන පාර්ශවය විසින් මංගල යෝජනා භාර ගැනීමේදී හා/හෝ විවාහ ගිවිස ගැනීමේදී අය කරනු ලබන සේවා ගාස්තු ආයතනය වෙත ගිණුම්ගත වී ඇති බව ගිණුම් පරීක්ෂණයේ දී තහවුරු විය යුතුය. යම් අක්‍රමිතකාවක් පිළිබද තොරතුරු වාර්තා වන්නේ නම් අදාල මුදල් අය කර ගැනීමේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග සදහා එකග වන බව  දෙවන පාර්ශවය පිළිගනී.

 03.42 කපු මහත්තයා ආයතනය මෙම ගිවිසුමෙහි සදහන් නියමයන් සහ කොන්දේසි කාලයෙන් කාලයට වෙනස් කිරීමට එකතු කිරිමට හෝ සංශෝධනය කිරීමට ඇති අයිතිය රදවා ගනී. එසේ සං‍ශෝධනය කිරීමකදී කපු මහත්තයා ආයතනික වෙබ් අඩවිය වන kapumahaththaya.com හා/හෝ කපු මහත්තයා facebook පිටුව  හරහා හා/හෝ අවස්ථානුකූලව පූර්ව දැනුම්දීමක් සිදු කරන අතර දෙවන පාර්ශවය එයින් බැදී සිටීමට එකග වෙයි.

03.43 මෙම ගිවිසුම අනූව ඉහත කොන්දේසි උල්ලංඝනය කිරීමෙන් හෝ කඩ කිරීමෙන් මෙම දෙපාර්ශවය  අතර ඇතිවන ආරවුල් හෝ ගැටළු සහගත තත්වයකදී කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ  තීරණය අවසාන තීරණය බව දෙවන පාර්ශවය පිළිගනී.

04 කපු මහත්තයා ආයතනයෙන් මංගල යෝජනාවක් ලද අවස්ථාවක නියෝජිත කපු මහතාගේ යුතුකම සහ වගකීම.

04.1 පළමු පාර්ශවය විසින් උපලේඛණය 01 හි සදහන් ලියාපදිංචි ගාස්තු මත භාර ගන්නා මංගල යෝජනා සදහා අනුක්‍රමික අංක සහිත පිටපත් තුනකින් යුත් මුදල් භාර ගැනීමේ ලදුපතෙහි මුල් පිටපත විවාහ අපේක්ෂිත පාර්ශවය  වෙත ලියා පදිංචි තැපෑලෙන් යොමු කරනු ලැබේ. එබැවින් දෙවන පාර්ශවය නැවත ලියාපදිංචි ගාස්තු අය නොකල යුතුය.

04.2 පළමු පාර්ශවය විසින් උපලේඛණය 01 හි සදහන් ලියාපදිංචි ගාස්තු මත භාර ගන්නා මංගල යෝජනාවේ තොරතුරු සොයා බැලීමට, විවාහ අපේක්ෂිතයා සමග සේවා ගිවිසුම අත්සන් කිරීමට, විවාහ අපේක්ෂිතයාගේ මංගල යෝජනා අයදුම්පත සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය ලේඛණ සමග පළමු පාර්ශවය විසින් දෙවන පාර්ශවයට විවාහ අපේක්ෂිතයා වෙත නිකුත් කල මුදල් භාර ගැනීමේ ලදුපතෙහි දෙවන පිටපත, සේවා ගිවිසුම් පත්‍රය හා මංගල යෝජනා අයදුම්පත්‍රය ලියාපදිංචි තැපෑලෙන් යොමු කරනු ලැබේ.  එබැවින් දෙවන පාර්ශවය වෙත ලබා දී ඇති  සේවා ගිවිසුම් පත්‍රය හා මංගල යෝජනා අයදුම් පත්‍රය භාවිතා නොකල යුතුය.

04.3 පළමු පාර්ශවය විසින් දෙවන පාර්ශවය වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කල විවාහ අපේක්ෂිතයා වෙත නිකුත් කල මුදල් භාර ගැනීමේ ලදුපතෙහි දෙවන පිටපත සේවා ගිවිසුම් පත්‍රය හා මංගල යෝජනා අයදුම් පත්‍රය ලැබූ පසු  තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි පරිදි ලේඛණයක සටහන් කල යුතුය. CR පොතක පහත පරිදි ලේඛණයක් පවත්වා ගෙන යා යුතු අතර CR පොතෙහි පිටු අංක කර තිබිය යුතුය. මෙම ලේඛණය තුල පළමු පාර්ශවය විසින් ලබා දුන් මංගල යෝජනා පමණක් තිබිය යුතුය.

04.4 පළමු පාර්ශවය විසින් දෙවන පාර්ශවය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝස්ට් මගින් යොමු කල විවාහ අපේක්ෂිත පාර්ශවය වෙත නිකුත් කල මුදල් භාර ගැනීමේ ලදුපතෙහි දෙවන පිටපත සේවා ගිවිසුම් පත්‍රය හා මංගල යෝජනා අයදුම් පත්‍රය රැගෙන මෙම සේවා ගිවිසුමේ 03.4,03.5,03.6 වගන්ති වලට යටත්ව අදාල ලේඛණ ලැබී දින 07 ක් ඉක්මවීමට පෙර විවාහ අපේක්ෂිත පාර්ශවය හමුවීමට යා යුතුය. මේ සදහා හිමි වන උපලේඛණය 03 හි සදහන් කොමිස් මුදල හෝ අවම රුපියල් —- (***) ක ගාස්තුව අවස්ථානුකූලව හෝ විවාහ අපේක්ෂිත පාර්ශවය සමග එළඹි සේවා ගිවිසුම  සහ විවාහ අපේක්ෂිත පාර්ශවයේ මංගල යෝජනා අයදුම්පත දෙවන පාර්ශවයේ නිර්දේශය සමග කපු මහත්තයා ආයතනයේ ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් ලද පසු ගෙවීම් කරනු ලැබේ. මංගල යෝජනා පිළිබද කටයුතු කිරිමට යාමේදී සුදුසු ඇදුමකින් සැරසී සිටිය යුතුය. විවාහ අපේක්ෂිත පාර්ශවය හමුවී ලියාපදිංචි මුදල ගෙවිම තහවුරු කර ගැනීමට කපු මහත්තයා ආයතනය විසින් විවාහ අපේක්ෂිතයාට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල මුදල් භාර ගැනීමේ ලදු පත පරික්ෂා කර නියෝජිත කපු මහතාට හිමි අදාල ස්ථානයේ අත්සන් තබා දිනය සටහන් කර ගෙවීම් තහවුරු කර ගත යුතුය.

04.5 විවාහ අපේක්ෂිත පාර්ශවය සමග තොරතුරු සාකච්ඡා කර මෙම ගිවිසුමේ 3.10 වගන්තියට යටත්ව විවාහ අපේක්ෂිත පාර්ශවය සමග සේවා ගිවිසුම අත්සන් කල යුතුය. තොරතුරු සාකච්ඡා කිරීමේදී විවාහ අපේක්ෂිත පාර්ශවය කපු මහත්තයා ආයතනික සේවාව හරහා විවාහ ගිවිස ගන්නා අවස්ථාවේ ගෙවීමට එකග  සේවා ගාස්තුව (කපු ගාස්තුව) පිළිබද සාකච්ඡා කල යුතුය. අවම සේවා ගාස්තුව උප ලේඛණය 01 හි සදහන් කර ඇත.  උපරිම සේවා ගාස්තුව පිළිබද සීමාවක් නැත. අදාල විවාහ අපේක්ෂිත පාර්ශවය සමග තොරතුරු සාකච්ඡා කර එකග වන සේවා ගාස්තුව පිළිබද කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේද එකගතාව මත ගෙවීමට එකග මුදල විවාහ අපේක්ෂිත පාර්ශවයේ අත් අකුරින් සේවා ගිවිසුමේ  සටහන් කරවා ගිවිසුමේ දකුණු පස සෑම ඡේදයකටම සහ හිස් තැන් පිරවූ සෑම ස්ථානයකටම අත්සන් තබා ගත යුතුය. විවාහ අපේක්ෂිත පාර්ශවයේ මංගල යෝජනා අයදුම්පතද සම්පුර්ණ කර විවාහ අපේක්ෂිත පාර්ශවයෙන්  අත්සන් ලබා ගත යුතුය. විවාහ අපේක්ෂිත පාර්ශවය සමග එළඹෙන සේවා ගිවිසුමේ සාක්ෂි ලෙස විවාහ අපේක්ෂිතයාගේ පවුලේ මව හෝ පියා හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පවුලේ ලගම ඥාතීන් දෙදෙනෙකුගේ අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව මෙම  ගිවිසුමේ 03.8 වගන්තිය පරිදි ගමන් වියදම් ලබා ගෙන ආයතනික විනය හා ගරුත්වයත් දෙවන පාර්ශවයේ විනය හා ගරුත්වයත් රැකගෙන සුහදශීලීව විවාහ අපේක්ෂිත පාර්ශවයෙන් සමුගත යුතුය.

04.6 විවාහ අපේක්ෂිත පාර්ශවය සමග එළඹි සේවා ගිවිසුමෙහි දෙවන පාර්ශවය වම් පස සෑම ඡේදයකම සහ හිස්තැන් පිරවූ ස්ථානයන් හී අත්සන් තබා සාක්ෂි ලෙස දෙවන පාර්ශවයේ පවුලේ ලගම ඥාතීන් දෙදෙනෙකුගේ අත්සන් තැබිය යුතුය.

04.7  විවාහ අපේක්ෂිත  පාර්ශවයේ මංගල යෝජනා අයදුම්පතෙහි සදහන් තොරතුරු මෙම ගිවිසුමේ 03.15 වගන්තියේ සදහන් පරිදි ලේඛණයේ සටහන් කරගත යුතුය.

04.8 විවාහ අපේක්ෂිත පාර්ශවය සමග එළඹි සේවා ගිවිසුම  සහ විවාහ අපේක්ෂිත පාර්ශවයේ මංගල යෝජනා අයදුම්පත දෙවන පාර්ශවයේ නිර්දේශය සමග කපු මහත්තයා ආයතනයේ ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් යොමු කල යුතුය.

04.9 ලිපිය තැපැල් කල ලියාපදිංචි කුවිතාන්සිය කපු මහත්තයා ආයතනය විසින් දෙවන පාර්ශවය වෙත ලබා දුන් විවාහ අපේක්ෂිත පාර්ශවයේ මුදල්  භාර ගැනීමේ ලදුපතෙහි දෙවන පිටපත සමග අදාල ලිපි ගොනුවේ ගොනු කල යුතුය.

04.10 කපු මහත්තයා ආයතනය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් මංගල යෝජනාවට අදාල ලිපි ගොනු ලැබීමෙන් පසු කපු මහත්තයා ආයතනික facebook පිටුව හරහා හා/හෝ www.kapumahaththaya.com වෙබ් අඩවිය හරහා හා/හෝ kapumahaththaya (android app) ජංගම දුරකතන යෙදවුම හරහා හා/හෝ භාර ගත් මංගල යෝජනා සදහා පුලුල් ප්‍රචාරයක් ලබා දෙන අතර කපු මහත්වරු හරහාද යෝජනා විමසනු ලැබේ. මංගල යෝජනාවට අදාල ලිපි ගොනු අදාල පාර්ශවයේ මංගල කටයුත්ත අවසන් වන තෙක් ඉදිරි කටයුතු සදහා සුරක්ෂිතව තබා ගන්නා අතර ගිණුම් පරීක්ෂණ සදහා භාවිතා කරනු ලැබේ.

05 නියෝජිත කපු මහතා මංගල යෝජනාවක් භාර ගන්නා අවස්ථාවක නියෝජිත කපු මහතාගේ යුතුකම සහ වගකීම.

05.1  මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව උප ලේඛණය 01 හි සදහන් ලියාපදිංචි ගාස්තු අය කර මංගල යෝජනාව භාර ගත යුතුය. කර කපු මහත්තයා ආයතනය විසින් දෙවන පාර්ශවය වෙත ලබා දී ඇති අනුක්‍රමික අංක සහිත පිටපත් තුනකින් (03) යුත් මුදල් භාර ගැනීමේ ලදු පතෙහි අය කරන ලියාපදිංචි ගාස්තුව පැහැදිලිව සටහන් කර  මුල් පිටපත විවාහ අපේක්ෂිත පාර්ශවය  වෙත ලබා දිය යුතුය. මංගල යෝජනාව භාර ගැනීමට යන අවස්ථාවේ මෙම ගිවිසුමේ 03.4, 03.5, 03.6 යන වගන්ති අදාල කර ගත යුතුය.

05.2 දෙවන පාර්ශවය විසින් උපලේඛණය 01 හි සදහන් ලියාපදිංචි ගාස්තු මත භාර ගන්නා මංගල යෝජනාවේ තොරතුරු සොයා බැලීමට යන අවස්ථාවේ කපු මහත්තයා ආයතනය විසින් දෙවන පාර්ශවය වෙත ලබා දී ඇති අනුක්‍රමික අංක සහිත විවාහ අපේක්ෂිතයාගේ සේවා ගිවිසුම, විවාහ අපේක්ෂිතයාගේ මංගල යෝජනා අයදුම්පත රැගෙන යා යුතු අතර මෙම ගිවිසුමේ 4.5 වගන්තිය යටතේ කටයුතු කල යුතුය.

05.3 විවාහ අපේක්ෂිත පාර්ශවය සමග එළඹි සේවා ගිවිසුමෙහි දෙවන පාර්ශවය වම් පස සෑම ඡේදයකම සහ හිස්තැන් පිරවූ ස්ථානයන් හී අත්සන් තබා සාක්ෂි ලෙස දෙවන පාර්ශවයේ පවුලේ ලගම ඥාතීන් දෙදෙනෙකුගේ අත්සන් තැබිය යුතුය.

 05.4 විවාහ අපේක්ෂිත  පාර්ශවයේ මංගල යෝජනා අයදුම්පතෙහි සදහන් තොරතුරු මෙම ගිවිසුමේ 03.15 වගන්තියේ සදහන් පරිදි ලේඛණයේ සටහන් කරගත යුතුය.

05.5 දෙවන පාර්ශවය විසින් මංගල යෝජනාවක් භාර ගැනීමේ දී නිකුත් කරනු ලබන අනුක්‍රමික අංක සහිත විවාහ අපේක්ෂිතයා වෙත නිකුත් කරන මුදල් භාර ගැනීමේ ලදුපත, සේවා ගිවිසුම් පත්‍රය හා මංගල යෝජනා අයදුම්පත්‍රය තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි පරිදි ලේඛණයක සටහන් කල යුතුය. CR පොතක පහත පරිදි ලේඛණයක් පවත්වා ගෙන යා යුතු අතර CR පොතෙහි පිටු අංක කර තිබිය යුතුය. මෙම ලේඛණය තුල දෙවන පාර්ශවය විසින් භාර ගත් මංගල යෝජනා පමණක් තිබිය යුතුය.

05.6 විවාහ අපේක්ෂිතයා වෙත නිකුත් කරන මුදල් භාර ගැනීමේ ලදුපතෙහි දෙවන පිටපත දෙවන පාර්ශවය විසින් අනුක්‍රමික අංක පිළිවෙලට ගොණු කර තිබිය යුතුය. ඒ සදහා වෙනම ලිපි ගොනුවක් පවත්වාගෙන යා යුතු අතර කිසිදු අවස්ථාවක ප්‍රධාන කාර්යාලයෙන් නිකුත් කරන ලද මුදල් භාර ගැනීමේ ලදු පත් සමග ගොනු නොකල යුතුය. මංගල යෝජනාවට අදාල ලිපි ගොනු අදාල පාර්ශවයේ මංගල කටයුත්ත අවසන් වන තෙක් ඉදිරි කටයුතු සදහා සුරක්ෂිතව තබා ගත යුතු අතර ගිණුම් පරීක්ෂණ සදහාද භාවිතා කරනු ලැබේ.

05.7 දෙවන පාර්ශවයට හිමි උපලේඛණය 5 හි සදහන් කොමිස් මුදල රදවාගෙන  මෙම ගිවිසුමේ 03.27 වගන්තියේ සදහන් පරිදි විවාහ අපේක්ෂිතයා වෙත නිකුත් කරන ලද මුදල් භාර ගැනීමේ ලදුපතෙහි තෙවන පිටපත, විවාහ අපේක්ෂිත පාර්ශවය සමග එළඹි සේවා ගිවිසුම සහ විවාහ අපේක්ෂිත පාර්ශවයේ මංගල යෝජනා අයදුම්පත දෙවන පාර්ශවයේ නිර්දේශය සමග කපු මහත්තයා ආයතනයේ ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් යොමු කල යුතුය.

5.8 ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් යොමු කල ලියාපදිංචි කුවිතාන්සිය දෙවන පාර්ශවය සතුව ඇති විවාහ අපේක්ෂිතයා වෙත නිකුත් කරන මුදල් භාර ගැනීමේ ලදුපතෙහි දෙවන පිටපත සමග අදාල ලිපි ගොනුවේ ගොනු කල යුතුය.

5.9 කපු මහත්තයා ආයතනය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් මංගල යෝජනාවට අදාල ලිපි ගොනු ලැබීමෙන් තොරතුරු පරීක්ෂා කර මංගල යෝජනාව සදහා ලියාපදිංචි අංකයක් ලබා දී දෙවන පාර්ශවය වෙත එම යෝජනා අංකය ලබා දෙන අතර එම යෝජනා අංකය යටතේ කපු මහත්තයා ආයතනික facebook පිටුව හරහා හා/හෝ www.kapumahaththaya.com වෙබ් අඩවිය හරහා හා/හෝ kapumahaththaya (android app) ජංගම දුරකතන යෙදවුම හරහා හා/හෝ භාර ගත් මංගල යෝජනා සදහා පුලුල් ප්‍රචාරයක් ලබා දෙන අතරම කපු මහත්වරු හරහාද යෝජනා විමසනු ලැබේ. මංගල යෝජනාවට අදාල ලිපි ගොනු අදාල පාර්ශවයේ මංගල කටයුත්ත අවසන් වන තෙක් ඉදිරි කටයුතු සදහා සුරක්ෂිතව තබා ගන්නා අතර ගිණුම් පරීක්ෂණ සදහා භාවිතා කරනු ලැබේ.

 06 නියෝජිතයෙක්/ නියෝජිත ආයතනයක් හරහා මංගල යෝජනාවක් ලැබුණු අවස්ථාවක නියෝජිත කපු මහතාගේ යුතුකම සහ වගකීම.

06.1 නියෝජිතයෙක්/ නියෝජිත ආයතනයක් විසින් උප ලේඛණය 01 හි ලියාපදිංචි ගාස්තු මත භාර ගන්නා මංගල යෝජනා සදහා අනුක්‍රමික අංක සහිත පිටපත් හතරකින් යුත් මුදල් භාර ගැනීමේ ලදු පතෙහි මුල් පිටපත විවාහ අපේක්ෂිත පාර්ශවය  වෙත එම අවස්ථාවේදීම නිකුත් කරනු ලැබේ. එබැවින් දෙවන පාර්ශවය නැවත ලියාපදිංචි ගාස්තු අය නොකල යුතුය.

06.2 නියෝජිතයෙක්/ නියෝජිත ආයතනයක් විසින් උප ලේඛණය 01 හි ලියාපදිංචි ගාස්තු මත භාර ගන්නා මංගල යෝජනාවේ තොරතුරු පිළිබද පෞද්ගලිකව සෑහීමකට පත්වීමේ වගකීම දරයි. එලෙස ලියාපදිංචි ගාස්තු මත භාර ගන්නා මංගල යෝජනාවට නිකුත් කල අනුක්‍රමික අංක සහිත පිටපත් හතරකින් යුත් මුදල් භාර ගැනීමේ ලදු පතෙහි දෙවන හා තුන් වන පිටපත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් කපු මහත්තයා ආයතනය වෙත යොමු කරනු ලැබේ.

06.3 නියෝජිතයෙක්/ නියෝජිත ආයතනයක් විසින් කපු මහත්තයා ආයතනය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් යොමු කල විවාහ අපේක්ෂිතයා වෙත නිකුත් කල මුදල් භාර ගැනීමේ ලදුපතෙහි පිටපත් වලින් දෙවන පිටපත කපු මහත්තයා ආයතනයේ ගොනු කරනු ලැබේ. කපු මහත්තයා ආයතනය විසින් මුදල් භාර ගැනීමේ ලදුපතෙහි තුන් වන පිටපත සමග සේවා ගිවිසුම් පත්‍රය හා මංගල යෝජනා අයදුම් පත්‍රය දෙවන පාර්ශවය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් යොමු කරනු ලැබේ. එබැවින් දෙවන පාර්ශවය වෙත ලබා දී ඇති  සේවා ගිවිසුම් පත්‍රය හා මංගල යෝජනා අයදුම් පත්‍රය භාවිතා නොකල යුතුය.

06.4 කපු මහත්තයා ආයතනය විසින් දෙවන පාර්ශවය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් යොමු කල විවාහ අපේක්ෂිතයා වෙත නිකුත් කල මුදල් භාර ගැනීමේ ලදුපතෙහි තුන් වන පිටපත, සේවා ගිවිසුම් පත්‍රය හා මංගල යෝජනා අයදුම් පත්‍රය ලැබූ පසු  තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි පරිදි ලේඛණයක සටහන් කල යුතුය. CR පොතක පහත පරිදි ලේඛණයක් පවත්වා ගෙන යා යුතු අතර CR පොතෙහි පිටු අංක කර තිබිය යුතුය. මෙම ලේඛණය තුල නියෝජිතයෙක්/ නියෝජිත ආයතනයක් විසින් ලබා දුන් මංගල යෝජනා පමණක් තිබිය යුතුය.

06.5 පළමු පාර්ශවය විසින් දෙවන පාර්ශවය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝස්ට් මගින් යොමු කල විවාහ අපේක්ෂිත පාර්ශවය වෙත නිකුත් කල මුදල් භාර ගැනීමේ ලදුපතෙහි තුන් වන පිටපත, සේවා ගිවිසුම් පත්‍රය හා මංගල යෝජනා අයදුම් පත්‍රය රැගෙන මෙම සේවා ගිවිසුමේ 03.4,03.5,03.6 වගන්ති වලට යටත්ව අදාල ලේඛණ ලැබී දින 07 ක් ඉක්මවීමට පෙර විවාහ අපේක්ෂිත පාර්ශවය හමුවීමට යා යුතුය. මේ සදහා හිමි වන උපලේඛණය 04 හි සදහන් කොමිස් මුදල හෝ අවම රුපියල් — (***) ක ගාස්තුව අවස්ථානුකූලව හෝ විවාහ අපේක්ෂිත පාර්ශවය සමග එළඹි සේවා ගිවිසුම  සහ විවාහ අපේක්ෂිත පාර්ශවයේ මංගල යෝජනා අයදුම්පත දෙවන පාර්ශවයේ නිර්දේශය සමග කපු මහත්තයා ආයතනයේ ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් ලද පසු ගෙවීම් කරනු ලැබේ. මංගල යෝජනා පිළිබද කටයුතු කිරිමට යාමේදී සුදුසු ඇදුමකින් සැරසී සිටිය යුතුය. විවාහ අපේක්ෂිත පාර්ශවය හමුවී ලියාපදිංචි මුදල ගෙවිම තහවුරු කර ගැනීමට නියෝජිතයෙක්/ නියෝජිත ආයතනයක් විසින් විවාහ අපේක්ෂිතයාට නිකුත් කල මුදල් භාර ගැනීමේ ලදු පත පරික්ෂා කර නියෝජිත කපු මහතාට හිමි අදාල ස්ථානයේ අත්සන් තබා දිනය සටහන් කර ගෙවීම් තහවුරු කර ගත යුතුය.

 06.6 විවාහ අපේක්ෂිත පාර්ශවය සමග තොරතුරු සාකච්ඡා කර මෙම ගිවිසුමේ 3.10 වගන්තියට යටත්ව විවාහ අපේක්ෂිත පාර්ශවය සමග සේවා ගිවිසුම අත්සන් කල යුතුය. තොරතුරු සාකච්චා කිරීමේදී විවාහ අපේක්ෂිත පාර්ශවය කපු මහත්තයා ආයතනික සේවාව හරහා විවාහ ගිවිස ගන්නා අවස්ථාවේ ගෙවීමට එකග  සේවා ගාස්තුව (කපු ගාස්තුව) පිළිබද සාකච්ඡා කල යුතුය. අවම සේවා ගාස්තුව උප ලේඛණය 01 හි සදහන් කර ඇත.  උපරිම සේවා ගාස්තුව පිළිබද සීමාවක් නැත. අදාල විවාහ අපේක්ෂිත පාර්ශවය සමග තොරතුරු සාකච්ඡා කර එකග වන සේවා ගාස්තුව පිළිබද කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේද එකගතාව මත ගෙවීමට එකග මුදල විවාහ අපේක්ෂිත පාර්ශවයේ අත් අකුරින් සේවා ගිවිසුමේ  සටහන් කරවා ගිවිසුමේ දකුණු පස සෑම ඡේදයකටම සහ හිස් තැන් පිරවූ සෑම ස්ථානයකටම අත්සන් තබා ගත යුතුය. විවාහ අපේක්ෂිත පාර්ශවයේ මංගල යෝජනා අයදුම්පතද සම්පුර්ණ කර විවාහ අපේක්ෂිත පාර්ශවයෙන්  අත්සන් ලබා ගත යුතුය. විවාහ අපේක්ෂිත පාර්ශවය සමග එළඹෙන සේවා ගිවිසුමේ සාක්ෂි ලෙස විවාහ අපේක්ෂිතයාගේ පවුලේ මව, පියා, සහෝදරයන්, සහෝදරියන්, පවුලේ ලගම ඥාතීන්ගේ අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව මෙම  ගිවිසුමේ 03.8 වගන්තිය පරිදි ගමන් වියදම් ලබා ගෙන ආයතනික විනය හා ගරුත්වයත් දෙවන පාර්ශවයේ විනය හා ගරුත්වයත් රැකගෙන සුහදශීලීව විවාහ අපේක්ෂිත පාර්ශවයෙන් සමුගත යුතුය.

06.7 විවාහ අපේක්ෂිත පාර්ශවය සමග එළඹි සේවා ගිවිසුමෙහි දෙවන පාර්ශවය වම් පස සෑම ඡේදයකම සහ හිස්තැන් පිරවූ ස්ථානයන් හී අත්සන් තබා සාක්ෂි ලෙස දෙවන පාර්ශවයේ පවුලේ ලගම ඥාතීන් දෙදෙනෙකුගේ අත්සන් තැබිය යුතුය.

06.8  විවාහ අපේක්ෂිත  පාර්ශවයේ මංගල යෝජනා අයදුම්පතෙහි සදහන් තොරතුරු මෙම ගිවිසුමේ 03.15 වගන්තියේ සදහන් පරිදි ලේඛණයේ සටහන් කරගත යුතුය.

06.9 විවාහ අපේක්ෂිත පාර්ශවය සමග එළඹි සේවා ගිවිසුම  සහ විවාහ අපේක්ෂිත පාර්ශවයේ මංගල යෝජනා අයදුම්පත දෙවන පාර්ශවයේ නිර්දේශය සමග කපු මහත්තයා ආයතනයේ ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් යොමු කල යුතුය.

06.10 ලිපිය තැපැල් කල ලියාපදිංචි කුවිතාන්සිය කපු මහත්තයා ආයතනය විසින් දෙවන පාර්ශවය වෙත ලබා දුන් විවාහ අපේක්ෂිත පාර්ශවයේ මුදල්  භාර ගැනීමේ ලදුපතෙහි දෙවන පිටපත සමග අදාල ලිපි ගොනුවේ ගොනු කල යුතුය.

06.11 කපු මහත්තයා ආයතනය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ස්පීඩ් පෝසට් මගින් මංගල යෝජනාවට අදාල ලිපි ගොනු ලැබීමෙන් පසු කපු මහත්තයා ආයතනික facebook පිටුව හරහා හා/හෝ www.kapumahaththaya.com වෙබ් අඩවිය හරහා හා/හෝ kapumahaththaya (android app) ජංගම දුරකතන යෙදවුම හරහා හා/හෝ භාර ගත් මංගල යෝජනා සදහා පුලුල් ප්‍රචාරයක් ලබා දෙන අතර කපු මහත්වරු හරහාද යෝජනා විමසනු ලැබේ. මංගල යෝජනාවට අදාල ලිපි ගොනු අදාල පාර්ශවයේ මංගල කටයුත්ත අවසන් වන තෙක් ඉදිරි කටයුතු සදහා සුරක්ෂිතව තබා ගන්නා අතර ගිණුම් පරීක්ෂණ සදහා භාවිතා කරනු ලැබේ.

මීට සාක්ෂි වශයෙන් පළමු පාර්ශවය වෙනුවෙන්  කපු මහත්තයා ආයතනයේ කළමණාකරු  සහ දෙවන පාර්ශවය වෙනුවෙන් නියෝජිත කපු මහතා වර්ෂ …………….. ක් වූ ……………. මස ………… වැනි දින ………………………………………………………………. හිදී හොදින් කියවා බලා අත්සන් තබන ලදී. තවද මෙම ස්වාධීන කොන්ත්‍රාත් සේවා ගිවිසුමේ දෙවන පාර්ශවයට තමන්ට අභිමත වෙනත් සේවා ගැණුම් කරුවෙකු සමඟ මේ හා සමාන ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම් වලට බැඳී සේවා සැපයීමට ස්වාධීන අයිතිය ඇති බව ගිවිසුමේ පලමු පාර්ශවය මෙයින් පිලිගනී.

පළමු පාර්ශවය

නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

ලියාපදිංචි අංකය ………………………..

දිනය……………………………

දෙවන පාර්ශවය

නියෝජිත කපු මහතාගේ නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

දිනය……………………………

පළමු පාර්ශවය වෙනුවෙන් අත්සනට සාක්ෂි

01 නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

02 නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

දෙවන පාර්ශවය වෙනුවෙන් අත්සනට සාක්ෂි

01 නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

02 නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….