kapumahaththaya

  1. Home
  2. Contract Agreement [Wedding service agencies]

Contract Agreement [Wedding service agencies]

විවාහ අපේක්ෂිත පාර්ශවයන් සදහා සාර්ථක මංගල උත්සවයක් සැලසුම් කර ගැනීමට සහයෝගය ලබා දීමේදී කපු මහත්තයා ආයතනය හා නියෝජිතයන් අතර සේවය සදහා එළඹෙනු ලබන ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම.

මෙහි පළමු පාර්ශවය යැයි කියනු ලබන හිගුරක්ගොඩ, ගල්අමුණ, මුණිසිරිගම, අංක 487, දරණ ස්ථානයේ ලියාපදිංචි අංක POL/LKP/ESD/02/05/1599 යටතේ ලියාපදිංචි කර ඇති කපු මහත්තයා ආයතනයේ  කළමණාකරු එක් පාර්ශවයකටද .……..….………………………………… (ස්ථීර ලිපිනය) හි පදංචි මෙහි මින් මතු නියෝජිතයා වශයෙන් හදුන්වනු ලබන ……………………………………. ජා.හැ.අංකය.) දරණ ………………………………………………….……………………… (සම්පූර්ණ නම) මයා/මිය/ යන අය දෙවන පාර්ශවය ටද, බැදි දෙපාර්ශවයේ එකගත්වය ඇතිව වර්ෂ …………… ක් වූ ……………………….. මස …………… වෙනි දින අත්සන් තබා ඇති කර ගන්නා  ලද ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුමයි.

එකී  ගිවිසුමේ  කොන්දේසි  කවරේද  යත්,

01 ගිවිසුමේ අරමුණ හා කාලය

01.1 මෙම ගිවිසුමේ අරමුණ, ගිවිසුමේ උපදෙස්, නියමයන්, කොන්දේසි වලට කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය වෙත භාර දෙනු ලැබූ විවාහ ගිවිස ගන්නා පාර්ශවයන් වෙත සාර්ථක මංගල උත්සවයක් සැලසුම් කර ගැනීමට සහයෝගය ලබා දීමයි.

01.2 මෙහි 02 වගන්තියේ දක්වා ඇති කොන්දේසි සම්පූර්ණ වීමෙන් මෙම ගිවිසුම බලාත්මක වන අතර සාර්ථක මංගල උත්සවයක් සැලසුම් කර එම කටයුතු අවසන් කරන අවස්ථාවේ විවාහ අපේක්ෂිතයා සමග ගිවිසුම් ගත වන සේවා ගාස්තුව අය කර ගන්නා තෙක් මෙම ගිවිසුම වලංගුව පවතී.

02 ගිවිසුම ආරම්භ වීම

පහත සියල්ලම සම්පූර්ණ වූ පසු ගිවිසුම බලාත්මක වේ.

02.1 දෙවන පාර්ශවය විසින් නිසි පරිදි ගිවිසුම අත්සන් කර නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් හා එම ගිවිසුම පළමු පාර්ශවය විසින් පිලිගැනීම,

02.2 දෙවන පාර්ශවය විසින් මෙම ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම් අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර කපු මහත්තයා ආයතනය වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරිම.

03 සේවාව ආරම්භ කිරීම

03.1 මෙහි 02 වගන්තියට යටත්ව පළමු පාර්ශවය විසින් දෙවන පාර්ශවය කපු මහත්තයා ආයතනයේ නියෝජිතයකු ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබේ.

 

03.3 කපු මහත්තයා ආයතනික ලියාපදිංචිය ලබා ගන්නා  විවාහ අපේක්ෂිත පාර්ශවයන්ගේ මංගල උත්සවයන්හී කටයුතු සිදු කිරීමටත් විවාහ අපේක්ෂිත පාර්ශවයන් බලාපොරොත්තු වන සාර්ථක මංගල උත්සවයක් සැලසුම් කර ගැනීමට හා/හෝ සේවා සැපයීමට සහයෝගය ලබා දීමටත් මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවයට අවස්ථාව ලබා දෙනු ඇත.

 

03.4 මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවය විසින් විවාහ අපේක්ෂිත පාර්ශවයන් වෙත සාර්ථක මංගල උත්සවයක් සැලසුම් කර ගැනීමට ලබා දෙන සේවාවේ ගුණාත්මක භාවය සහ මිල ගණන් තීරණය කිරීමේ පූර්ණ අයිතිය දෙවන පාර්ශවයට ඇති අතර ඒ සදහා බිල්පතක් නිකුත් කල යුතු බවට දෙවන පාර්ශවය පිළිගනී.

 

03.5 දෙවන පාර්ශවය වෙත මංගල උත්සව කටයුතු ලබා දීම වෙනුවෙන් කපු මහත්තයා ආයතනය 10% ක කොමිස් මුදලක් අය කරනු ලැබේ.

 

03.6 දෙවන පාර්ශවය වෙත මංගල උත්සව සදහා සේවා ලබා ගැනීමට පැමිණෙන විවාහ අපේක්ෂිතයන් කපු මහත්තයා ආයතනික බිල්පත දෙවන පාර්ශවය වෙත ඉදිරිපත් කරන අතර එම බිල් පත ඉදිරිපත් කරන ඕනෑම පාර්ශවයකට විශේෂ වට්ටමක් ලබා දිය යුතුය. එම වට්ටම 03.5 වගන්තියේ දක්වා ඇති කොමිස් මුදල හෝ ඉන් කොටසක් විය යුතු අතර අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ තීරණය බව දෙවන පාර්ශවය පිළිගනි.

 

03.7 කපු මහත්තයා ආයතනික මෙහෙයුම් පද්දතිය වෙත විවාහ අපේක්ෂිතයන්ගේ මංගල යෝජනා භාර ගැනීමේදී හා සේවා ලබා ගනීමට ලියාපදිංචි වීමේදී ආයතනික බිල්පතක් අනිවාර්යෙන් නිකුත් කරනු ලැබේ. යම් විවාහ අපේක්ෂිතයකු දෙවන පාර්ශවය වෙත මංගල උත්සවය සැලසුම් කර ගැනීම සදහා සේවා ලබා ගැනීමට පැමිණ කපු මහත්තයා ආයතනික බිල්පත ඉදිරිපත් කරන්නේ නම් ඉදිරි මංගල උත්සවය සැලසුම් කර ගැනීම සදහා සේවා සැපයිමට දෙවන පාර්ශවය වෙත එම මංගල උත්සවය භාර ගැනීමේදී සුහදශීලී සේවාවක් හා හැකි සෑම විටම ප්‍රමුඛතාව ලබා දිමට උත්සහ ගත යුතුය. යම් විවාහ අපේක්ෂිතයකු වෙත ඔහු බලාපොරොත්තු වන සේවය නොලැබීම පිළිබද කපු මහත්තයා ආයතනය වෙත පැමිණිලි වාර්ථා වුවහොත් හෝ එවැනි අවස්ථාවක් පිළිබද සාධාරණ හේතු මත විශ්වාස කිරිමට කපු මහත්තයා ආයතනයට කරුණු දැනගැනිමට අවස්ථාව ලද විට සේවා ගුණාත්මක භාවය රැක ගැනීම වෙනුවෙන් පළමු පාර්ශවය විසින් ගනු ලබන තීරණයක‍ට දෙවන පාර්ශවය කොන්දේසි විරහිතව එකග වන බවත් ඒ පිළිබද අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

 

03.8 විවාහ අපේක්ෂිත පාර්ශවය වෙත භාර ගත් වෙනත් මංගල උත්සව තිබේ හා/හෝ නොවැලැක්විය හේතුවක් මත එම මංගල උත්සවයේ කටයුතු භාර ගැනීමට නොහැකි නම්, පළමු පාර්ශවය ලබා දුන් මංගල උත්සවයේ මංගල උත්සවය සැලසුම් කිරීම හා/හෝ සේවා සැපයිම සදහා සුදුසු වෙනත් සේවා සපයන්නෙකු මෙම ගිවිසුමේ  උපදෙස්, නියමයන්, කොන්දේසි වලට යටත්ව දෙවන පාර්ශවය විසින් සම්බන්ධ කල යුතුය. මේ පිළිබද අවසන් තීරණය කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ තීරණය බව දෙවන පාර්ශවය පිලිගනී.

 

03.9 දෙවන පාර්ශවය වෙත මෙම ගිවිසුම අවසන් කිරිමට අවශ්‍ය අවස්ථාවක ගිවිසුම අවසන් කිරීමට අවශ්‍ය දිනට දින 30 කට පෙර කපු මහත්තයා ආයතනය වෙත ඊ මේල් පුවතක් හරහා හෝ ලියාපදිංචි තැපෑලෙන් මෙම ගිවිසුම අවසන් කිරිමට අවශ්‍ය බව සදහන් ඉල්ලීම් ලිපිය යොමු කල යුතුය. එම ඉල්ලීම් ලිපිය කපු මහත්තයා ආයතනය වෙත ලැබීමෙන් පසු කපු මහත්තයා ආයතනය එම ලිපිය පිලිගැනීමෙන් අනතුරුව ගිවිසුම අවසන් කරනු ඇත.

 

03.10 මෙම ගිවිසුම යටතේ දෙවන පාර්ශවය එකගවී ඇති කුමන හෝ නියමයක් උල්ලංඝනය කරන ඕනෑම අවස්ථාවක සහ එම උල්ලංඝනය කිරිම පිළිබද පළමු පාර්ශවය විසින් දැන්වීමක් කල පසු දැන්වීමේ කාලය දීර්ඝ නොකරයි නම් දින 14 ක් තුල එම කඩ කිරීම යථා තත්වයට පත් කල යුතු අතර, එසේ නොකරන්නේ පළමු පාර්ශවයට මෙම ගිවිසුම අවසාන කල හැකි බව දෙවන පාර්ශවය පිළිගනී.

 

03.11 කපු මහත්තයා ආයතනය මෙම ගිවිසුමෙහි සදහන් නියමයන් සහ කොන්දේසි කාලයෙන් කාලයට වෙනස් කිරීමට එකතු කිරිමට හෝ සංශෝධනය කිරීමට ඇති අයිතිය රදවා ගනී. එසේ සං‍ශෝධනය කිරීමකදී කපු මහත්තයා ආයතනික වෙබ් අඩවිය වන kapumahaththaya.com හරහා පූර්ව දැනුම්දීමක් සිදු කරන අතර දෙවන පාර්ශවය එයින් බැදී සිටීමට එකග වෙයි.

 

03.12 මෙම ගිවිසුම අනූව ඉහත කොන්දේසි උල්ලංඝනය කිරීමෙන් හෝ කඩ කිරීමෙන් මෙම දෙපාර්ශවය  අතර ඇතිවන ආරවුල් හෝ ගැටළු සහගත තත්වයකදී කපු මහත්තයා ආයතනයේ කළමණාකරුගේ  තීරණය අවසාන තීරණය බව දෙවන පාර්ශවය පිළිගනී.

 

මීට සාක්ෂි වශයෙන් පළමු පාර්ශවය වෙනුවෙන්  කපු මහත්තයා ආයතනයේ කළමණාකරු  සහ දෙවන පාර්ශවය වෙනුවෙන් නියෝජිතයා/ නියෝජිත ආයතනය වර්ෂ …………….. ක් වූ ……………. මස ………… වැනි දින ………………………………………………………………. හිදී හොදින් කියවා බලා අත්සන් තබන ලදී. තවද මෙම ස්වාධීන කොන්ත්‍රාත් සේවා ගිවිසුමේ දෙවන පාර්ශවයට තමන්ට අභිමත වෙනත් සේවා ගැණුම් කරුවෙකු සමඟ මේ හා සමාන ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම් වලට බැඳී සේවා සැපයීමට ස්වාධීන අයිතිය ඇති බව ගිවිසුමේ පලමු පාර්ශවය මෙයින් පිලිගනී.

පළමු පාර්ශවය

නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

ලියාපදිංචි අංකය ………………………..

දිනය……………………………

දෙවන පාර්ශවය

නියෝජිතයාගේ නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

දිනය……………………………

පළමු පාර්ශවය වෙනුවෙන් අත්සනට සාක්ෂි

01 නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

02 නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

දෙවන පාර්ශවය වෙනුවෙන් අත්සනට සාක්ෂි

01 නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….

02 නම ……………………………………

අත්සන …………………….. 

ජා.හැ. අංකය ………………………………….